පළමු වසරට ළමයා දාන්න, මව විදුහල්පති විසින් හෝටලයකට එක්ක ගිහින්

2013 වසරේ පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා එම ළමයාගේ මවගෙන් ලිංගික අල්ලසක් ගැනීමට සූදානම් වූ විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක විදුහලපතිවරයා වන කුරුණෑගල උඩබදාලව පදිංචි එච්. ජයරත්න නම් වූ 57 හැවිරිදි වියේ පසුවන ඔහුව ඊයේ (11) දිනයේදී 32 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව සමග පොල්ගහවෙල නගරයේ හෝටලයක සිටියදී පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව ඇත.



තම සොයුරිය ලිංගික අල්ලසක් ගැනීම සඳහා අදාළ විදුහල්පතිවරයා විසින් රැගෙන ගොස් ඇති බවට කාන්තාවක විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා පොල්ගහවෙල මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇතැයිද වාර්තාවේ.

Gossip Lanka Hot News Previous News Archive