සචින් තෙන්ඩුල්කාර් එක්දින පිටියට සමුදෙයි-Tendulkar retires from ODIs

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළේය.

එරට ක්‍රිකට් පාලක මණ්ඩල නිල වෙබ් අඩවිය පවසන්නේ, ඔහු තම තීරණය දැනුම් දෙමින් එහි සභාපති එන් සිරිනිවාසන් වෙත ලිපියක් එවා ඇති බවය.

ලෝක ශූර කණ්ඩායමක සාමාජිකයෙකු වීම තමන් ලද භාග්‍යක් බව සදහන් කරන 39 හැවිරිදි තෙන්ඩුල්කාර්, වසර ගණනක් තමන්ට සහයෝගය ලබා දුන් සියලුදෙනාට ස්තූතිය ද පළ කළේය.


1989 වසරේදි එක්දින වරම් ලැබූ තෙන්ඩුල්කාර් සහභාගී වූ තරග 463දී ශතක 49ක් ද සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 18,426කි.

එක්දින ජාත්‍යන්තර පිටියේ ද්විත්ව ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා වන ඔහු, ලොව වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස ද සම්මානයට පාත්‍ර වී සිටී.

තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර තරගවලදි ශතක 100ක් ලබාගත් ලොව ප්‍රථම ක්‍රීඩකයාද වේ.

Gossip Lanka Hot News Previous News Archive