මාතලේ පොළොව යට අඩි 81ක් පළල කුහරයක්.
පොළොව අභ්‍යන්තරයේ අඩි 81ක් පළල කුහර දෙකක් හටගෙන තිබීමෙන් මාතලේ දොරකුඹුර සහ තොටගමුව ප්‍රදේශ මාතලේ දිස්ත්‍රික් සිතියමෙන් මැකී යෑමේ අනතුරක සේයාවක් මතුවී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අංශය පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. එම සංවිධානය ඉකුත්දා (23) කළ විශේෂ පර්යේෂණයකින් මේ බව හඳුනා ගැනීමෙන් පසු මාතලේ, ෙදාරකුඹුර හා තොටගමුව ප්‍රදේශය ගිලා බැසීමේ අධි අවදානම් කලාපයක් ලෙස තහවුරු කරගත් බව එම පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අංශයේ ප්‍රධානී භූ විද්‍යාඥ ආර්.එම්. එස්. බණ්ඩාර මහතා කියයි.
පර්යේෂණයේදී හඳුනාගෙන තිබෙන අන්දමට කුහරය පටන් ගන්නේ පොළොව මතුපිට සිට මීටර් හයක් යටිනි. එක් කුහරයක් මීටර් 25ක් වන බවත් ඊට මීටර් 13ක් පමණ ආසන්නයේ ඊටත් වඩා විශාල කුහරයක් ඇති බවත් හඳුනාගෙන තිබේ.
ගිලා බැසීමට ලක්වන අධි අවදානම් කලාපයේ පොළොව අභ්‍යන්තරයේ හුනුගල් තට්ටුව තුළ ඇති කුහරවලට වැසි ජලය සමඟ මතු පිට පස් අංශු කි¼දා බැසීම සිදුවී ඇති බවද මෙහිදී හඳුනාගෙන ඇත. මාතලේ, තොටගමුව, දොරකුඹුර, ඉඹුලන්දණ්ඩ ඇතුළු ප්‍රදේශවල භූගත කුහර රැසක් ඇති බැවින් ඒ පිළිබඳ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අංශය විසින් කළ සිතියම්වල සටහන් කර ඇති බවද ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවැසීය.
මීට වසර 100කට පෙරත් මෙවැනි ගිලා බැසීම් මෙම කලාපය තුළ සිදුව ඇති බවට සාක්ෂි තිබෙන බවද කී ඒ මහතා භූ විද්‍යාත්මක සහතිකයක් නැතිව ප්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක් නොකරන්නැයිද ජනතාවට අවවාද කරයි.
මෙම ප්‍රදේශය ක්‍රමානුකූලව ගිලා බැසීමේ අවදානමක් ඇති අධි අවදානම් කලාපයක් බවට මෙම පරීක්ෂණවලදී ලද කරුණු අනුව පෙනී යන බවද ඒ මහතා කීය.
වික්ටෝරියා ජලාශ කලාපයේ සිට වත්තේගම, දිගන, මාතලේ, හබරණ ඇතුළු ප්‍රදේශ හරහා ගලා යන උමං ගංගාවට මෙම කලාපයද අයත්ව ඇති අතර එහි බලපෑම් නිසා ගිලා බැසීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශයේ මධ්‍යම පළාත් ප්‍රධානී එම්.අයි.ඩී.එච්. විජේවික්‍රම මහතා පැවැසීය.
පසුගිය දිනවල පැවැති මහ වැසි සමඟ මාතලේ දොරකුඹුර තොටගමුව ප්‍රදේශයේ අඩි 70ක් සහ අඩි 80ක් පමණ ගැඹුරට ස්ථාන දෙකක් සහ සිලින්ඩර් ළිඳක්ද ගිලා බැස තිබේ.
1. "ගෙවල් යටින් ගඟක් ගලයි" ගෙවල් රැසක් ගිලා බසින්න ළඟයි !
-සබැදි
පුවත්-
1. "ගෙවල් යටින් ගඟක් ගලයි" ගෙවල් රැසක් ගිලා බසින්න ළඟයි !