පිතු සෙනෙහේ දෙතැනක වල දැමූ පුත්‍රයෙක්

ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේදී මීට වසර 19කට පෙර අභිරහස් ලෙස ඝාතනය කළ පියකුගේ මරණය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ විමර්ශන අංශය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඝාතනයට සැකපිට ඔහුගේ පුත‍්‍රයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ යක්කලමුල්ල ප‍්‍රදේශයේ පදිංචි බණ්ඩාමිගොඩ සිරිසේන හෙවත් පොඩි අප්පුහාමි නමැති 72 හැවිරිදි පුද්ගලයෙකි.


එම අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිස් නිලධාරීන් කණ්ඩායම විසින් කරුණු අනාවරණය කරගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ අයගේ සිරුර කොටස් දෙකකට වෙන්කර ස්ථාන දෙකක වළදමා ඇති බවයි.

ගාල්ල පොලිස් අධිකාරි බණ්ඩාරනායක මහතාගේ හා මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සතිෂ් ගමගේ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත ගාල්ල දිසා අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරීක්‍ෂක ධර්මසේන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිපුර පරීක්‍ෂණ පවත්වති.
මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය මෙම අභිරහස්‌ ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය කර ගනිමින් මෙම මියගිය අයගේ සිරුරේ කොටස්‌ ගොඩගනු ලැබුවේ ගාල්ල පොලිස්‌ අපරාධ පර්යේෂණාගාර නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් ගාල්ල කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍යවරුන් වන එල්. එම්. ධම්මි, පී. ඒ. කිරිඇල්ල යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේය.


Gossip Lanka Hot News Previous News Archive