චීනයේ වුහාන් ප්රාන්තයේ පිහිටි ජියුෆෙන්ග් සතුන් වත්තේ ‘අශෝබන ලෙස හැසිරුණු‘ මයිනෙකු නිවාස අඩස්සියට පත් කිරීමට සතුන් වත්තේ සේවකයන් පියවර ගෙන තිබේ.
මයිනන් සතු අනුකරණය කිරීමේ හැකියාව ප්රයෝජනයට ගෙන ඇති සතුන් වත්තේ සේවකයන් මේ මයිනාට සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමට ‘සුභ දවසක්‘ ‘සාදරයෙන් පිළිගනිමු‘ වැනි වදන් දෙඩීමට පුහුණු කර තිබුණි.අනතුරුව සිය රාජකාරිය ඉටු කිරීම සදහා මයිනා සිය සගයන් සමග කූඩු කර තිබුණේ සතුන් වත්තට ඇතුල් වන දොරටුව අසලය.
දිනෙක සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමේ යෙදී සිටි මේ දොරටුපාලකයා එක්වරම සංචාරකයන් ඇසැබි වදනින් ඇමතීමට පටන් ගත්තේ සියල්ලන් පුදුමයට පත් කරවමිනි.කරුණු සොයා බැලු සේවකයන් නොහොබිනා සංචාරනයෙකු මයිනාට මේ වදන් අනුකරණය කිරීමට උගන්වන්නට ඇතැයි සැක කරයි.ඒ අනුව ක්රියාත්මක වූ ඔවුන් ‘ඔබගේ රසාස්වාදය සදහා කුරුල්ලන්ට ඇසැබි වදන් ඉගැන්වීමෙන් වළකින්න‘ ලෙස සදහන් වන පුවරු කුරුලූ කූඩු අසල සවි කිරීමට පියවර ගෙන තිබේ.
මයිනාගේ ‘නොහොබිනා ගති‘ කූඩුවේ අනෙක් සතුන්ද ඉගෙනගනු ඇතැයි බියෙන් දොරටුපාලකයා සිය සගයන්ගෙන් වෙන් කිරීමටද සේවකයන් කටයුතු කර ඇත.මයිනා ඇසැබි වදන් දොඩනා වාරයක් පාසා කෑම ලබාදීම අත්හිටුවීමටත් මයිනාට ඇසෙන සේ සුභාෂිංශන වදන් පටිගත කරන ලද පට ධාවනය කිරීමෙනුත් මයිනා ‘පුනරුත්ථාපනය‘ කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඔවුන් කියයි.