අගවිනිසුරුවරියගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමාට එරෙහිව අණ්ඩුව විසින් ගොනුකර තිබු දෝෂාභියෝගය විමර්ශණය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවට එරෙහිව අගවිනිසුරු අචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනාධිකරණයට අද(19) පෙත්සමක් ගොනු කර තිබේ.

අගවිනිසුරුවරිය වෙනුවෙන් මෙම පෙත්සම නීලකන්දන් සහ නීලකන්දන් නීතීඥ්‍ය සමාගම විසින් ගොනු කර ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව හා එහි තීරණ අවලංගු කර බල රහිත කරන සර්ෂියෝරාරි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස අගවිනිසුරුවරිය එම පෙත්සමෙන් ඉල්ලා සිටියි.


එමෙන්ම එම කමිටුවේ වාර්තාව හා තීරණ මත කටයුතු කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් අදාළ පෙත්සමෙන් අභියාචනාධිකරණයට දන්වා ඇත.

Gossip Lanka Hot News Previous News Archive