ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ දී සිදුවූ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් පැවැත්වෙද්දී, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊට කිලෝ මිටර් දෙකක් ඈතිවූ කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් කළහ.
ඒ මහතාට සෙත් පතා පැවැත්වෙන බෝධි පූජාවට තම විරෝධය පළ කරන බව භාරත ලක්ෂමන් මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පැවසුවා.
වැල්ලම්පිටිය ගොතටුව හා මුල්ලේරියාව පොලිසිවලින් ආරක්ෂාව සඳහා කැඳවා තිබිණ.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ පියා ඇතුළු සමීප නෑයන් ඇතුළු දහසකට අධික පිරිසක් මෙම බෝධි පූජාවට පැමිණ සිටියහ.
ගිය වසරේ සිදුවූ කොලොන්නාව ගැටුමේදී ජනාධිපති උපදේශක භාරත ලක්මන් ප්රේමචන්ද ඇතුළු සිවු දෙනෙක් ඝාතනයට ලක් වූහ.