අමල් පෙරේරා ගුටිකා රෝහලේ

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතා ප්‍රහාරයකට ලක්වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.

ඔහු මේ වන විට 79 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ පෙරේදා (22) අළුයම් කාලයේදී කොළඹ කාමර් නමැති රාත්‍රී සමාජ ශාලාවේදීය.

පෙරේදා රාත්‍රියේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවති 'හිරු නාලිකාව' විසින් සංවිධානය කල හිරු මෙගා බ්ලාස්ට් ප්‍රංසගයට සහභාගීවූ අමල් පෙරේරා, නැසී ගිය ගායන ශිල්පී මිල්ටන් පෙරේරා ගේ පුත් චලක චමුපති හා හිරු රූපවාහිනී නාලිකාවේ විරාජ් වැලිවත්ත යන අයද සමගින් එම සමාජශාලාව වෙත ගොස් ඇති අතර එහිදී ඇතිකරගත් ආරවුල් තත්ත්වයක් හේතුවෙන් තරුණයින් පිරිසකගෙන් හා සමාජ ශාලාවේම ආරක්ෂකයින්ගෙන් මෙසේ පහරකෑමට ලක්ව ඇති බව වාර්තාවේ.

Gossip Lanka Hot News Previous News Archive