අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත්වේ

දෝෂාභියෝගය විමර්ශන කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාට එරෙහිව දිගින් දිගටම අත්තනෝමතිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් අගවිනිසුරුවරිය එම කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව, දෝෂාභියෝගය විභාග කිරීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැඟිට ගොස් තිබේ.



ඒ සඳහා නැවත සහභාගී නොවන්නේ යයිද ඇය පවසා ඇත.

දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව කිසිදු විශ්වාසයක් නැතැයි ඇය ප්‍රකාශකර තිබේ.

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද (06) තෙවැනි දිනටත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පස්වරු 2.30ට පෙනී සිටියාය.

එහිදී ඇයට එරෙහිව ගොනුකර තිබු චෝදනා 14 අතරින් සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අදාලවූ 1 හා 2 චෝදනාවලට හෙට (07) දහවල් වනවිට පිළිතුරු ලබා දෙන්නැයිද දැනුම්දී ඇත.

ඒ සඳහා පිළිතුරුදීමට සති 5ක කාලයක් ලබාදෙන ලෙස ඇයගේ නීතිඥයින් කල ඉල්ලීම තේරීම් කමිටුවේ සභාපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත.

දෝෂාභියෝගයට අදාළ තීන්දුව ලබන 08 දා ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබු බව අප මිට පෙර වාර්තා කළෙමු.

Gossip Lanka Hot News Previous News Archive