![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIB6J7EJZaBXdhmHeXaseoi1djSnUo3s6-vzdmESuzcGOIFZibdcOp7fmOZvSBMFjpXwJpHq9y4TF8rn0GcBWwHm8wvztU9pVRdrUAROqKPzEd1HYbShLj5AKzNF748pXCdrZm6zTAIlYJ/s320/01.jpg)
පොළොව යටින් ගලා යන බවට සැලකෙන මාතලේ උමං ගංඟාව විසින් ජීවිත බිලි ගැනීමේ පෙරහුරුවක යෙදී ඇති බවට සාධක පහළ වෙමින් තිබේ. ඊසානයේ මහ වැසි වැටුණු 17 දා මහ ගස් දෙකක් අතුරුදහන්වීම මෙම පෙරහුරුව හා අවදානම පිළිබඳව ඉගි පළ කර ඇත .
උමං ගංගාවේ රළ බිඳෙන හඬ ඇසෙන මානයේ මාතලේ, දුනකලවත්ත, දොරකුඹුර ප‍්‍රදේශයේ පවුල් පහක් මෙම මරු වසඟයේ මුවදොර අභියස ජීවිත අවදානමක වෙසෙති . ඊසානයේ මහ වැසි වැටුණු 17 දා අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ කිතුල් ගසක් ගිල ගැනීම මෑත ඉතිහාසයේ උමං ගංගාවේ පෙරහුරුව පිළිබදව ඉඟි පළ කෙරුණි . උමං ගංගාවේ බියකරු බව දැක්වීමට දෝ 18 දින අඩි 80 ක් පමණ ගැඹුරැති ළිඳක් ද මහ පොලොවට ගිල ගෙන තිබුණි .
උමං ගඟ විසින් කිතුල් හා කොස් ගස ගිල ගත් ආවාටය මතුවු ඉසව්වේ වෙසෙන පරම්පරා තුනක පවුල් පහ මෙම අකාරුණික වූ සංසිද්ධිය තුළ අසරණව සිටිති . ඔවුහු ජීවිත කාලය පුරාවටම හම්බ කළ සේසතම උමං ගඟ විසින් ගිල ගන්නා මානයේ ජීවිතය පිළිබඳව අල්පමාත‍්‍රයක හෝ සහතිකයක් නොමැති යන - එන මං අහිමිව වෙසෙන සරණාගතයින් බවට පත්ව සිටිති . පී.එන්.ජී.ගුණරත්න මහතා කි‍්‍රයාන්විතයේදී ආබාධිත වූවෙකි. “ජීවිත කාලය පුරාවටම හම්බ කළ දේවල් උමං ගගට බිලි වෙයි කියල බයක් තියෙනවා . දරුවන්ට කියල හැදූ නිවස අසළ ආවාට මතු වෙලා එකක කොස් ගහ ගිලිලා ගියා . අනිකෙ කිතුල් ගහ. තව තැනක ළිඳ . ගෙවල් දොරවල් කොයි වෙලාවෙ ගිල ගනිද කියල බයක් දැනෙනවා .
ජීවිත ආශාව අතෑරලයි ඉන්නේ . දරුවොත් එක්ක යන්න තැනක් නැහැ. පොලොව ගිලා බහියි කියල බයේ හිටියත් කොයි මොහොතේ කොයි විදිහට අනතුර ළං වෙයිද කියල කියන්න බැහැ.” සෙනවිරත්න හපුගොඩ මහතා ( 70) “අවුරුදු 40 ට විතර ඉස්සර මෙතැනට ආසන්නයේ තිබුණු දැවැන්ත ගලක් පොලොවෙ ගිලූනා . මේ ගමන කොස් ගහයි, කිතුල් ගහයි උමං ගඟට ගිල ගත්තා . කොයි වෙලාවේ අපිව ඩැහැ ගනියිද කියල කියන්න බැහැ. ඒත් අපට යන්න තැනක් නැහැ.
ජීවිතයේ අවසන් මොහොත ගැන ඇඟිලි ගැන, ගැන මරණ බයට තුරුල් වෙලා ජීවත් වෙන්නයි අපට සිද්ධ වෙලා තියෙන්නේ . ආවාට මතුවූ මෙතැනට ආසන්නයේ ගල් ළිඳ කියල තැනක් තියෙනවා . හිටපු ගමන් මෙම ගල් ළිඳෙන් කොකෝවා ගෙඞි, නෙල්ලි ගෙඩි මතු වෙනවා . ඉස්සර කාලේ හරක් බානක් පොලොවට ගිලා බැහැල ඔය කියන ගල් ළිදෙන් මතු වුණා කියල කතාවකුත් තියෙනවා . මේ කතාව මොනවා වුණත් අපේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා. ඒත් අපි කියල කොහේ යන්නද කියන එකයි ගැටලූව.” ඒ.එම්.සිලවතී කුමාරිහාමි මහත්මිය ( 82) “හපුගොඩ මහ ගෙදර මේක . කොයි වේලෙ ගිලා බහිද කියල හිතා ගන්න බැරිව ඉන්නේ . 17 දා උදේ කොස් ගහයි කිතුල් ගහයි ගිල ගෙන තිබුණා. පහුවදා ළිඳ . ආණ්ඩුවේ මහත්තුරු අපට යන්න කියනවා . කොහේ යන්නද කියන එකයි ප‍්‍රශ්නය . පරම්පරාවක් තිස්සේ හම්බ කරපු හැම දෙයක්ම මේ විපත්තිය නිසා අහිමි වෙලා යයි . අපි අද අසරණයි.”
22 දා සවස වනවිට මෙම නිවසක බිත්ති සහ වටපිට අස්භාවික අන්දමට ඉරිතලා තිබූණි . මෙම නිවැසියන්ට අකාරුණික වු ස්වභාව දහමේ අකාරුණික නිමැවුම වූ උමං ගඟට වැට බදින්නට නොව මොවුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට සුදුසු වාතාවරණයක් ලබදීමට කළ හැකි දෙයක් වෙතොත් එය කඩිනමින් කළ යුතු බව කිව යුතුය .
හේවා පී . කරුණාරත්න - මාතලේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgN4rdBX2WWPuKO70LJoCqTt4z0UBfIuUBzV_gilL0vr9C9DeOYI6lAL7pOydl_uPoG98kTp3VROb5rJjVnI13LBzIe_aJVC0-D83FRpWgLPq8KzsSEd_NyF35mt-giUqEbwUYH6wqYrPga/s1600/02.jpg) |
අවදානමක ඇති නිවසක් |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE58vkPD20n6olZmxHuyzdJqNR1iqG_OtubggMq0PFUpJC3qMZKZkSkS8SL2GFnyLWvDDyo3mJQZZ6x6uQubXr3wr6LRoLYvXV35ao3I21NE80olc2RbvxTh3jVojpNmfzENKfBiXsLYA9/s1600/03.jpg) |
නිවසක වට පිල ඉරි තලා ඇති අන්දම |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpq6oAh4O8lTS7HAPM_bHbgxuh-8zIn_eV3um_zeceNr-uNslaCAXSBdDFkgkxikrGbnVZ1IpRWI216hETsIhNImR9YKzjGpm8la47jXtrbenuUe3TZXtgzirpVGghEulA4nQAPHaVsJlj/s1600/04.jpg) |
ආබාධිත සෙබල ගුණරත්න මහතා |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgv4_EFdmP3UU6xPc7dU2k6nOJE5pIP7_JuqrUkZh4mXPvvdg0sHDfBDFT4SpbF0kGa7Lk1nYyG1KRd-UFJH0zyCQxiwFHPN8uBbcTWb2jJTeI6Z0x-faXWB-8puOZho3faa6AD1dqpeG9P/s1600/05.jpg) |
සීලවතී කුමාරිහාමි මාතාව |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeYD_luuIth-W707KlkrYPNNzdPrcMvqLFw3gAEDE16rQrjtIqRBbULtf2uB6o4k-kuh43HUiMr6E5P5w81ZSlp5BZ6E0efmf48ZsQVighKnsRs0MymoBHHkgMTwGnY_A9QXmopQ73sntA/s1600/06.jpg) |
අවදානම් නිවාස |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYyfUU9vCVKAwU6gzYyuzha_EU5eE6U4_zIG9G0eRp3g2lF1muZh0Hbg07cwHU6OS52cg9nJeX3DWIjVb9iaTB0-02LoAyRLzS1kUmrGzESMciXVse9oGV29Vcr6VdV3U0zO1j0iM9b_lL/s1600/07.jpg) |
සෙනවිරත්න හපුගොඩ මහතා |
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidMwGHQmp3BfG7gi5C2FiWqanRsHT0Q9csXzmSN0EWjVYeYGzrMuW03dhKN8oDlCnB7ARq9RBB5MOl0k5_baN_MrMA17Iu3yl5IWJzQH0tFpWfPfXismPaKZdmhei9zzflNrtaP18TADyk/s400/matata111.jpg) |
කොස් ගස ගිල ගත් ආවාටය |
සිලින්ඩර් යොදාගනිමින් සාදා තිබූ අඩි 80ක් පමන ගැඹුර ලිඳක් ද ගිලා බැස තිබේ. එම ජායාරූ පහතින්.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWuB5pjRm3qx2W1JZBccyEKtUuDOJpmV7r38yQP1PmhhfH6VoBSxGhQQ5Gdo6tedcdpkdObJCyLkI4_RgFiGr8d5FI8F2fYP2S4O40zCAW5UeBEQv4QPb5-V4O8UMwbVk2WtRptEVghOLg/s1600/Land+slide+Gossip9-++(6).jpg)