උතුවන්කන්දේ සූරසරදියෙල් වගේ වැඩක් දිලා !

පෙම්වතියගේ රන් මාලය විකුණා ගත් මුදලින් දානයක් දුන් තරුණයෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවතක් පානදුර අධිකරණයෙන් වාර්තා වෙයි’සැකකරු සිය පෙම්වතියගේ රුපියල් 530150.00 ක් පමණ වටිනා රන් මාලය ඉල්ලාගෙන ගොස් විකුණා ලබා ගත් මුදලින් මළගිය ඥාතීන්ට පිං පැමිණවීම සඳහා මහා සංඝරත්නය වෙත දානමය පින්කමක් පවත්වා ඇත.

උසාවියේ දී ඒ පිළිබඳව තොරතුරු නීතිඥ කසුන් ජයරත්න මහතා පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ විස්තර කළේය. ස්වාමීනි මේ නඩුවේ විස්තර උතුවන්කන්දේ සූරසරදියෙල්ගේ ජීවිත කතාවට සමාන බව කියන්න කැමැතියි.



පාණදුර පොලිසිය පැමිණිල්ලේ කරුණු ඉදිරිපත් කළේ ය. ලුනාවේ පදිංචි විත්තිකරු විත්තිකූඩුව මත සිටී.

මහේස්ත්‍රාත්වරයා - මේ නඩුවේ නඩු භාණ්ඩ තිබෙනවා දැයි පාණදුර අධිකරණයේ පෙනී සිටි පොලිසියේ නිලධාරියෙකුගෙන් විමැසීය.

පොලිස් සැරයන්වරයා - නැහැ ස්වාමීනි.

නීතිඥ කසුන් ජයරත්න මහතා - මේ නඩුවේ නඩු භාණ්ඩ වශයෙන් නම් කළ යුත්තේ දානයට සහභාගි වූ හාමුදුරුවරු.

අධිකරණයේ සිනා.

මහේස්ත්‍රාත්වරයා - ඒ වගෙයි මටත් පෙනෙන්නේ සාංඝික දානයක් දීලානේ.

නීතිඥවරයා - කරුණු කෙසේ වුවද මගේ සේවකයා චෝදනාවට වරද පිළිගන්නවා.

මහේස්ත්‍රාත් - විභාගයට නොගොස් විත්තිකරු වරද පිළිගත් එක හොඳයි. විභාගයට ගියා නම් නඩු භාණ්ඩ වශයෙන් හාමුදුරුවරුන් ඉදිරිපත් කරන්න පොලිසියට සිදු වෙනවා. විත්තිකරු දඩුවම් දීම මේ 24 වැනි දිනට කල් තබනවා. එදිනට ඔහුගේ පෙර වැරදි වාර්තාව කැඳවනවා. ඔහු එදින තෙක් බන්ධනාගාර ගත කරනවා යැයි මහේස්ත්‍රාත්වරයා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive