පර්සියානු ගල්ෆ් කලාපයේදී ඇමරිකානු ඔත්තු යානයක් අල්ලා ගත් බව ටෙහෙරානය වාර්තා කරයි. ඇමරිකාව මෙම පුවත ප්‍රතික්ෂේප කරන්නේ ගල්ෆ් කලාපයේ වූ තම මිනිසුන් රහිත යානා කිසිවක් නැති වී නැතැයි කියමිනි.
ඉරානය පිලිබඳව තොරතුරු රැස් කරමින් සිටිය බව කියන මෙම යානය ඇමරිකාවේ නිෂ්පාදිත SCAN EAGLE වර්ගයේ එකක් බව හඳුනාගෙන ඇත.
ඉරාන නාවික හමුදාවේරියර් අද්මිරාල් අලි ෆඩාවි කියා සිටියේ ඉස්ලාම්විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව මෙම යානය අල්ලා ගත් බවයි.
බෝයිං සමාගම විසින නිපදවන SCAN EAGLE අඩි 4ක දිගින් ද තටු වල පලල අඩි 10 කින් ද යුක්තය.
WALL STEET ජර්නලය කියා තිබුනේ පසුගිය මාස දෙක තුල ඉරානයේ න්‍යෂ්ඨීක ක්‍රියාකාරකම් සොයා බැලීමට ඔත්තු යානා බොහොමයක් ඇමරිකාව යොදාගෙන ඇති බවයි.නොවැම්බර් 19 දින ඉරාන නායකයන් තම රටේ වොෂිංටන් ඔත්තු බැලීම් නවත්වන ලෙස එක්සත් ජාතීන් ගේ සංවිධානයෙන් ද ඉල්ලා ඇත.
අපේ‍්‍රල් 11 වනදා අල්ලා ගත් මෙවැනි යානයක් ඉරාන ඉංජිනේරුවන් විසින් ගලවා එහි රහස් සොයාගෙන ඇති බවත් ටෙහෙරානය දැන් ඔවුන්ගේ යානයක් නිපදවමින් සිටින බවත් ද කියවේ.
මූලාශ්‍ර - 01