ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් කිසිදු අසාධාරණයකට අපෙන් ඉඩක් නෑ – රුසියාව සහතික වෙයි
ලබන වසරේදී (2013) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය තම රට නියෝජනය නොකළද ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදීම සඳහා අනෙකුත් මිත්‍ර රටවල සහයෝගය ලබාදීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ඇලෙක්සෙන්ඩර්.ඒ. කර්චාවා මහතා පසවයි. නව තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවිමල් වීරවංශ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙම හමුව පසුගියදා පැවැත්වුණේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇලෙක්සෙන්ඩර්.ඒ. කර්චාවා මහතා “ 2013 වසරේ ජිනීවා මාවන හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය රුසියානු සමූහාණ්ඩුව දරන්නේ නැහැ. නමුත් 2014 වසරේදී යළිත් එහි සාමාජිකත්වය දරන්න අප බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන ජාත්‍යන්තර බලපෑම්වලදී ශ්‍රී ලංකාවට කිසිඳු අසාධාරණයක් සිදුවෙන්න රුසියාව කටයුතු කරන්නේ නැහැ. 2013 වසරේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය නොදැරුවත් එම වසරේදී සමාජිකත්වය දරන රුසියාව සමඟ දැඩි මිත්‍රත්වයකින් කටයුතු කරන රටවල් සමඟ සාකච්ඡාකර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. බ්‍රසීලය ඇතුළු රටවල් රැසක් නියෝජනය කරනු ලබන බ්‍රික් (Brick) සංවිධානයේ සහාය ලබාගැනීමටත් අප කටයුතු කරන්න සූදානම්. ඒ වගේම කසකස්ථානය ඇතුළු රටවල් රැසක්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා” යනුවෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපතිවරයා ප්‍රකාශ කළේය.
දේශපාලන ක්ෂේත්රය ගැනද කතාබහ කළ රුසියානු නව තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම හා ඊට එරෙහිව පෙළගැසෙන බලපෑම් පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු පෙන්වාදුන්නේය. ඊට අමතරව රුසියානු සමූහාණ්ඩුව තුළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සීමා කිරීමේ පනතක් සම්මත කරගත් බවද ප්‍රකාශ කළේය. රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලැබෙන්නේ කෙසේද? යන්න හෙළිකිරීම සඳහා අදාළ වගන්ති රැසක් එම පනතට ඇතුළත්කරතිබෙන බවද ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති ඇලෙක්සෙන්ඩර්.ඒ. කර්චාවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවිමල් වීරවංශ මහතා “ ශ්‍රී ලංකාව මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් මුදාගැනීමෙන් අනතුරුව රටට එරෙහිව පැන නැගුණු ජාත්‍යන්තර බලපෑම්වලිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනීසිටීම ගැන අතිගරු ජනාධිපතිතුමාගේත්, ශ්‍රී ලංකා රජයේත්, මහජනතාවගේත් විශේෂ ස්තූතිය රුසියාව වෙනුවෙන් ප්‍රකාශ කරනවා. ඉදිරියේදීත් එම සහයෝගය අපේක්ෂා කරනවා. ඒ වගේම රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරණයෙන් ජයගත් ව්ලැඩිමිර් පුටින් (Vladimir Putin) මහතා වෙත ශ්‍රී ලංකාවේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා” යනුවෙන්ද ප්‍රකාශ කළේය.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉදිරිකිරීම් ක්ෂේත්රය සඳහා රුසියානු ආයෝජකයින්ගේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ කරුණු පිළිබඳවද මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකෙරිණ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් කිසිදු අසාධාරණයකට අපෙන් ඉඩක් නෑ – රුසියාව සහතික වෙයි
2012-12-05T13:41:00+05:30
aruna e