Dec292012

ටෝනි ග්‍රෙග් දිවියෙන් සමුගනියි

එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායකයකු හා චැනල් 9 රූපවාහිනී නාලිකාවේ විස්තර විචාරකයකු වූ ටෝනි ග්‍රෙග් මහතා අභාවප‍්‍රාප්තවි ඇත.

පසුගිය මාස කිහිපය පුරාවට පෙනහළු පිළිකාවකින් පෙළුන ඒ මහතා මිය යන විට 66 වැනි වියේ පසුවිය.

ටෝනි ග්‍රෙග් වසර 1946 දී දකුණු අපි‍්‍රකාවේ දී උපන් අයෙකි.

ඔහුගේ පියා ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ අතර, මව දකුණු අපි‍්‍රකානු ජාතික කාන්තාවකි.

පිය උරුමය හේතුවෙන් පසුකාලීනව එංගලන්තය වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ ඔහු, දක්ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු විය.


එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ ටෝනි, පසුකාලීනව කි‍්‍රකට් උණුසුමට එක්වූයේ අතිජනපි‍්‍රය කි‍්‍රකට් විස්තර විචාරකයෙකු ලෙසය.

මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ටෝනි හා ඔහුගේ බිරිඳ වන විවියන් හට දරුවන් දෙදෙනෙකු සිටින අතර, ටෝනි හට සිය කලින් විවාහයෙන් ද දරුවන් දෙදෙනෙකු සිටියි.

පසුගිය මැයි මාසයේදී ඔහුට බ්‍රොන්කයිටිස් රෝගයද වැළඳුනු අතර, ඔහු පෙනහළු පිළිකාවකින් පීඩා විදින බවට මීට දෙමසකට පෙර අනාවරණය විය.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 58ක් ස‍දහා කී‍්‍රඩාකර ඇති අතර ඉන් තරග 14කදී එංගලන්ත පිලට නායකත්වය සපයා තිබේ.

වසර පහක ඔහුගේ කි‍්‍රකට් දිවිය 1977දී අවසන් විය.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive