
එම ඡායාරූපය සියුම් ලෙස නිරීක්‍ෂණය කිරීමේදී සිය මිත්තණිය අසල මෙයට වසර 17කට පෙර මියගිය ඇයගේ ස්වාමියා වන ටෙරී ස්වෙල්ගේ ඡායාවද තිබෙන බව ක්‍රිස්ටීන් දුටුවාය. කෙන්ට් දෙස එක එල්ලේම බලා සිටින ටෙරීගේ මුහුණ බොහෝ සේ රෞද්‍ර බව ක්‍රිස්ටීන් පවසයි.
ඡායාරූපයේ අනෙකුත් ඥාතීන් අතර විනිවිද පෙනෙන සේ සටහන්ව තිබෙන අද්භූත මිනිස් රුව සිය සීයාගේ ආත්මය යැයි ක්‍රිස්ටීන් පවසයි.