එජාප මන්ත්‍රීවරුන්ගේ කටවල් බැද ‘රනිල්’ රට යයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෞද්ගලික සංචාරයක් සඳහා මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යයි

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අනුගමනය කල යුතු පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින්, කිසිදු ලෙසකින් එකී සිමාවෙන් බැහැරව කටයුතු නොකරන ලෙස අවධාරණය කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් වෙත චක්‍රලේඛනයක් නිකුත් කර ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා සහ තමා නත්තල් නිවාඩුව සදහා විදේශගත වන බැවින්, එම කාල සීමාව තුල දෝශාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් එජාපය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ බලය පවරා ඇත්තේ, පක්ෂ ලේකම්වරයට හා තේරීම් කමිටුවේ සාමාජිකයකුව සිටි ලක්ෂ්මන් කිරිඇල්ලේ මහතාට පමණක් බවද එම චක්‍රලේඛනයේ සදහන්වේ.
ඒ හැරුන කොට නීතිඥ සංගමයේ සභාපති ලෙස විජේදාස රාජපක්ෂ මහතාට පමණක් ඒ සංවිධානය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ බලය දී ඇත.

පක්ෂයේ මහ ලේකම්ගේ ප්‍රකාශිත අවසරයකින් තොරව කවර ලෙසකින් හෝ දෝෂාභියෝගයට අදාළ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීම හෝ ස්වකිය අදහස් සන්නිවේදනය කිරීමක් කිසිදු මන්ත්‍රීවරයකු විසින් නොකළ යුතු බවද එම චක්‍රලේඛනයේ සදහන්වේ. එවන් අවස්තාවලදී අනුමත කර ඇති ලේඛනවල සදහන් ස්ථාවරය අනුගමනය කරන ලෙස මන්ත්‍රීවරුන්ට අවධාරණය කර ඇත.

එජාප මන්ත්‍රීවරුන්ට යොමුකර ඇති එම චක්‍රලේඛන පහත දැක්වේ.



Gossip Lanka Hot News Previous News Archive