දෙපැත්තට බෙදී කළුතර නීති නෝනලා ගුටි ඇන ගනී

කළුතර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥ මහත්ම මහත්මීන් කණ්ඩායම් දෙකක් අද (12) අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව විරෝධතා ව්‍යාපාර වල නිරත වූ අතර අවසානයේ මෙම දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් සිදු විය. කළුතර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ බන්දුල වීරසිංහ හා ලේකම් උදේනි දයාරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභි‍යෝගයට විරුද්ධව උද්ඝෝෂණය කළ අතර ඊට නීතිඥ වරුන් 64 දෙනෙකු සහභාගි වූහ.
නීතිඥ ගාමිණි ඒකනායක මහතා ගේ මූලිකත්වයෙන් අද තවත් නීතිඥ කණ්ඩායමක් දෝෂාභියෝග යෝජනාවට පක්ෂව උද්ඝෝෂණයක නියැලී සිටියහ. ‍දෝෂාභියෝගයට විරෝධය පළ කරමින් සිටි පිරිස ප්‍රදර්ශනය කරමින් සිටි පුවරු අනෙක් පාර්ෂවයේ නීතිඥ වරුන් උදුරාගැනීම නිසා මෙහි දී ගුටිබැට හුවමාරුවක් ඇති විය. ඉන්පසු නීතිඥ ගාමිණී ඒකනායක මහතා තමාට පහර දුන් බවට නීතිඥ මාරි ෆොන්සේකා මහත්මිය දකුණු කළුතර පොලිසියට පැමිණිලි කර තිබේ. මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් කළුතර නීතිඥ සංගමයේ තිරණය අනුව බවත් ඇතිවූ සිද්ධිය අවාසනාවන්ත බවත් කීය. (Video)




Gossip Lanka Hot News Previous News Archive