පළමු ටෙස්ට් තරඟයෙන් ශ‍්‍රී ලංකාව පරාදයි

 ඔස්ට්‍රේලියාවට ලකුණු 137 ක ජයක්

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර එරට හෝබාර්ට් පිටියේදී පැවැති තරඟයෙන් ලකුණු 137ක ජයග‍්‍රහණයක් ලබා ගන්නට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්ව තිබේ.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 450ක් ලබා සිටියදී ඉන්ම අත්හිටුවා ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කලේය.


ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 278ක් ලබා ගත්තේය.

දෙවැනි ඉනිම සඳහා කඩුළු 9කට ලකුණු 278ක් ලබා සිටියදී සිය අත්හිටවූ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජයග‍්‍රහණය සඳහා ලකුණු 393ක ඉලක්කයක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 255කි. ඒ අනුව ලකුණු 137 ක ජයග‍්‍රහණයක් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමිවිය.

Gossip Lanka Hot News Previous News Archive