වකුගඩුවල හා මුත්‍රාශයේ හට ගන්නා ගල් විද්‍යුත් චුම්භක තරංග මඟින් කුඩු කිරීමේ යන්ත්‍ර දෙකක් නිපදවීමට ප්‍රථම වරට ශ්‍රී ලාංකික තාක්ෂණික ශිල්පීන් දෙදෙනකු සමත්ව තිබේ.
පොලොන්නරුවේ පදිංචි තාක්ෂණික ශිල්පියකු වන දයාන් හර්ෂ මාරබැද්ද හා බුලත්සිංහල පදිංචි ඉංජිනේරුවරයකු වන නෙවිල් රත්නසේකර මේ යන්ත්‍රය නිපදවා ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ය.
වකුගඩුවල හා මුත්‍රාශයේ ගල් ඇතිවීම හේතුවෙන් රෝගීහු විශාල පිරිසක් පීඩා විඳිමින් සිටිති. මෙසේ ඇතිවන ගල් සැත්කම් මඟින් හා ඖෂධ මඟින් ඉවත් කිරීම සිදුවේ.
ඇතැම් රෝගීන්ගේ වකුගඩුවල හට ගන්නා ගල් මුත්‍රා මාර්ගය හරහා ඉවත් කිරීමට නොහැකි තරම් විශාල වන අවස්ථාවල ඒවා විද්‍යුත් චුම්භක තරංග මඟින් කුඩු කිරීම සිදු කරයි.
ඒ සඳහා යොදා ගන්නා යන්ත්‍රය ඉලෙක්ට්‍රෝ මැග්නටික් ලිතෝ ට්‍රිප්සි යනුවෙන් හැඳින්වේ. මෙම යන්ත්‍ර මෙරට රෝහල් සතුව දැනටමත් පවතී. යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 5ක් පමණ වේ.
ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මේ යන්ත්‍රය ඉතා අඩු වියදමකින් නිපදවීමට සමත්ව තිබේ. ඔවුහු තමන් නිපදවූ යන්ත්‍ර දෙක සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ. ඇමැතිවරයා එම යන්ත්‍ර මඩකළපුව හා බදුල්ල මහ රෝහල් වෙත භාරදී තිබේ.
ශ්‍රී ලංකා මෞත්‍ර ලිංගික වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහාය ඇතිව මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වූ අතර, එහි දේශන සඳහා පැමිණි එක්සත් රාජධානියේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයකු වන මහාචාර්ය වොට්සන් මහතා මේ නව යන්ත්‍ර දෙක පරීක්ෂාවට ලක් කර ඒවා ඉහළම තාක්ෂණයෙන් යුක්ත යන්ත්‍ර දෙකක් බවට තහවුරු කර තිබේ.
මෙම යන්ත්‍ර දෙක භාර දීමේ අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ දේශීය වශයෙන් වෛද්‍ය උපකරණ,ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය නිපදවීමට ඉදිරිපත්වන ඕනෑම කෙනකුට අවශ්‍ය සහයෝගය ලබා දෙන බවයි. එසේම තමාත් පොලොන්නරුවේ උපන් කෙනකු වන නිසා පොලොන්නරුවේ දරුවකු මෙවැනි යන්ත්‍රයක් නිපදවීම ගැන සතුටට පත්වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
Dec82012
Comments

There are no comments posted yet. Be the first one!
Comments by IntenseDebate
මුත්‍රාශයේ ගල් කුඩු කරන යන්ත්‍රදෙකක් නිපදවීමට ලාංකික තාක්ෂණික ශිල්පීන් දෙදෙනකු සමත්ව තිබේ
2012-12-08T17:49:00+05:30
aruna e
Other news
|