දෝෂාභියෝගය හකුලාගැනීමට බලකරන ජනතා පෙත්සමක් අත්සන් තැබීම අද කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ආරම්භ කෙරුණා. ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කළ අත්සන් තැබීමේ ව්‍යාපාරයට පා.ම. විජිත හේරත්, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර නීතිඥ සුනිල් වටගල, ජානක අධිකාරී, චමින්ද ගුණසේකර ඇතුලු විද්වතුන් පිරිසක් සහ වෘත්තීය නායකයින් රැසක් සහභාගී විය.
'අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය වහා ඉල්ලා අස්කරගනු' යන මැයෙන් වූ එම මවසේ සදහන්වේ.
''අල්ලස් හා වරදාන ප්රදානය කරමින් 2/3ක බලයක් සහිත ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර පාර්ලිමේන්තුව තම අණසකට යටකර ගත් රාජපක්ෂ පාලනය, මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ, තම ඒකාධිපති ගමනට බාධාවක් ලෙස පෙනෙන අධිකරණය දණ ගස්වා ගැනීමටය. රාජපක්ෂවරුන්ගේ දිවි නංවන දිවි නැගුම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වීමත් සමග පුපුරාගිය අගවිනිසුරු විරෝධය ඇයට එරෙහි දෝෂාභියෝගයක් බවට පත්විය. එය අධිකරණය පවිත්රකිරීමේ ව්‍යාපෘතියක් ලෙසට හඳුන්වාදීමට රාජපක්ෂ පාලනය උත්සාහ කළද අගවිනිසුරුවරියගෙන් පළිගැනීමේ චේතනාව සහ තමන්ගේ රූකඩයක් එම අසුනෙහි හිඳුවීමේ එහි වුවමනාව තවදුරටත් රටටත් ජනතාවටත් සැඟවිය හැකි නොවේ. දෝෂාභියෝග ක්‍රියාවලියේ හදිසිය හා එහි තීන්දු ප්‍රකාශයට පත් නග්න ස්වරූපය මෙහිලා හොඳම නිදසුනය. එබැවින් රාජපක්ෂවරුන්ගේ පළිගැනීමේ චේතනාවට නෛතිකභාවයක් හිමිකර දෙන්නා වූ තවත් ඊනියා ස්වාධීන පරීක්ෂණවලින් කිසිදු ඵලක් නැත.
එබැවින් මේ තත්වය තුළ පහත අත්සන් කර සිටින අපි ආණ්ඩුවට බලකර සිටින්නේ, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය වහා ඉල්ලා අස්කර ගනිමින් අධිකරණ ක්ෂේත්රයට සිදුකරන බලපෑම් නතර කරන ලෙසය.''