පාකිස්ථානයට තියුණු ජයක්

ඉන්දියාව සමග පැවති පළමු 20යි 20 තරගයෙන් පාකිස්ථානයට කඩුලු 5ක තියුණු ජයක් හිමිවිය.බැංගලෝරිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීම සදහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.
පළමු කඩුල්ල වෙනුවෙන් ගව්තම් ගාම්භීර් සහ අජිත්කෙයාර් රහෙන් ලකුණු 77ක සබඳතාවක් පැවැත්වුවත් ඉන්දීය මැදපෙළ පිතිකරුවන් අසාර්ථක විය.
රහේන් ලකුණු 42ක් ලබා ගත් අතර ගාම්භීර් ලබාගත් ලකුණු ගණන 43කි.


පන්දුයැවීමේදි උමාර් ගුල් ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර සහිඩ් අජ්මාල් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදි ජයග්‍රාහි ඉලක්කය පසු කිරිමට සමත් විය.

මොහොමඩ් හෆීස් ලකුණු 61ක් ලබාගත් අතර විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ෂොයිබ් මලික් නොදැවි ලකුණු 57ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදි බහුවෙන්ෂ්වර් කුමාර් ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්තේය.

Gossip Lanka Hot News Previous News Archive