අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම අරමුණු කරගෙන හෙට අලූත්කඬේ උසාවි සංකීර්ණය අසල පැවැත්වෙන සත්‍ය කි‍්‍රයාවට සාමකාමී ලෙස සහභාගි වන්නැයි කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිති.
බෞද්ධයන්ගේ උතුම් මල්කඩ වූ මහ නාහිමිවරුන් සහ කතෝලික ආගමේ කාදිනල්වරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම දෝෂාභියෝගය ඉල්ලා අස්කර ගන්න ලෙස යැයිද රජය උන්වහන්සේගේ ඉල්ලීමට කන් නොදීම මේ රටේ අභාග්‍යයක් යැයිද සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
මේ උතුම් කි‍්‍රයාවට සහභාගි වීම රටත් ජනතාවත් බලාපොරොත්තු වන දේශපේ‍්‍රමී කි්රයාවක් බවද උන්වහන්සේ පැවැසූහ.
දිවි නැගුම පනතට අනුමැතිය ලබා නොදීම නිසා අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දෝෂාභියෝගය පලිගැනීමේ ක්‍රියාවක් වන බවත් එය අධිකරනයේ ස්වාධීනත්වය අත පෙවීමක් බවත් උන් වහන්සේ පවසති.
මේ සඳහා විහ්න් විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ආදී සංවිධානද සහයෝගය ලබා දේ.