රාජාළියෙකු විසින් දරුවෙකු පැහැරගෙන යාමේ විඩියෝව උපාධියට කල නිර්මාණයක්ලූ

කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් උද්‍යානයේ සිය පියා සමග සිටි කුඩා දරුවෙකු දැවැන්ත රාජාළීයෙකු විසින් පැහැරගෙන යන ආකාරය රූපගත කල වීඩියෝවක් ඊයේ youtube වෙබ් අඩවියට ඇතුළත් කොට තිබූ අතර ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කල එම වීඩියෝව පසුගිය දෙදින තුල මිලියන 17ක පිරිසක් නරඹා තිබුණි.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබදව අද දින ප‍්‍රකාශයක් නිකුත් කර ඇති NAD මධ්‍යස්ථානය පවසන්නේ එම විඞීයෝව තම ආයතනයේ උපාධි අපේක්ෂකයන් පිරිසක් විසින් තම උපාධි නිබන්ධනයක් වෙනුවෙන් පරිඝණක ආධාරයෙන් නිර්මාණය කල ග‍්‍රැෆික් නිර්මාණයක් බවයි.


තම ආයතනයේ උපාධි අපේක්ෂකයන් සිව් දෙනෙකු විසින් නිර්මාණය කල මෙම වීඩියෝවේ අරමුණ වී තිබෙන්නේ අවිශ්වාසය ඇති නොවන ලෙස මිනිසුන් පුදුමයට පත් කරවන නිර්මාණයක් කිරීම බව NAD ආයතනය වැඩි දුරටත් පවසයි.


Gossip Lanka Hot News Previous News Archive