අමරදේවට උපන් දිනය දා මහගම සේකරගෙන් එන්තරාවාසි

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වන උපන් දිනය වූ ඊයේ දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ‘අමරදේව ඊයේ-අද-හෙට’ ප‍්‍රසංගය සඳහා මහගම සේකර පවුලේ අය විසින් එන්තරාවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ මහගම සේකරයන් විසින් රචිත ගීත බොහෝ ප‍්‍රමාණයකත් පෙර දැනුවත් කිරීමකින් තොරව එම ප‍්‍රසංගයේදී ගායනා කිරීමට සූදානම් කර තිබීමයි.


කෙසේ වෙතත් මෙම සංගීත ප‍්‍රසංගය අමරදේව පවුල විසින් සංවිධානය කරන ලද්දක් නොවන බව පැවසෙන අතර එම උත්සව සංවිධායක මණ්ඩලය අතින් සිදු ව ඇති අතපසුවීමක් හේතුවෙන් මෙම තත්වය මතුව ඇතැයි පැවසේ.

අමරදේව සහ මගම සේකර සුසංයෝගය එකල හැඳින්වූයේ ගී පොතයි-මී විතයි යන ප‍්‍රකට උපමාවෙනි. අමරදේව ගී පොත නම් මහගම සේකර මී විතය. අමරදේව ගයන බොහෝ ගීතයන් රචනා කර ඇත්තේ මහගම සේකරයන් වීම ඊට හේතුවයි.

Gossip Lanka Hot News Previous News Archive