විද්‍යාව වතුර වගේ කියා දෙන "සම්පත් සර්" ගේ ප්‍රශ්න පත්තර මගඩිය "ලීක්"

 විද්‍යාව වතුර වගේ කියා දෙන සර් කෙනෙකුට ප්‍රශ්න අනුමාන කරන්නට හැකිය. නමුත් ඕ ලෙවල් පේපර් එකේ බහුවරණ ප්‍රශ්න ලියා තිඛෙන වාක්‍ය රටා ඒ ආකාරයටම අනුමාන කරන්නට නම් දිවැස් තිබිය යුතුය.

දැන් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ 15දා අවසන්වූ විද්‍යාව පළමු කොටසේ බහුවරණ ප්‍රශ්න පත්‍රය අතට ගත් ගම්පහ කොළඹ ඇතුළු නගර ගණනාවක සම්පත් සර්ගේ ටියුෂන් පංති ගෝලයන්ට පුදුම හිතුණා. මින් දින කිහිපයකට පෙර සර් ලබාදුන් අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 ක්ම ඕ ලෙවල් පේපර් එකේ ප්‍රශ්න 40 තුළ ඒ ආකාරයෙන්ම සටහන්වී තිබුණ නිසයි.

ගම්පහ හා කොළඹ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකුවූ සම්පත් අත්තටගේ විසින් විද්‍යාව 1 ප්‍රශ්න පත්‍ර අනුමාන පත්‍රයේ සැකකටයුතු ස්වරූපය ගැන විභාග කොමසාරිස් ජනරාල් වරයාට පැමිණිලි ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය විභාග කොමසාරිස්වරුන් දෙදෙනකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට පැමිණිලි කරන ලද අතර ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උදෑසන සම්පත් අත්තටගේ මහතා හමුවී ප්‍රකාශ ලබාගත්තා.
සා.පෙළ මහ ඇදිරිඳු - විද්‍යාව වතුර වගේ වැනි නාමයන්ගෙන් වෙළෙඳ ප්‍රචාරණයේ යෙදෙන සම්පත් මහතා මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ තමාට විභාගයේ එන ප්‍රශ්න කල් ඇතිව සිතාගත හැකි බවත් ඒවා එනු ඇතැයි අනුමාන කර සටහන් කළ බවත්ය.

විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 19 ක් ඒ ආකාරයෙන්ම ඊට පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක උපකාරක පන්තිවලට සහභාගි වූ දරුවන්ට මේ ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න 50 ක ප්‍රශ්න පත්‍රයේ අඩංගුවී තිඛෙන බව වාර්තා වනවා. මෙම අනුමාන ප්‍රශ්න පත්‍රයේ සිනාසෙන මුහුණු(ස්මයිලීස්) යොදමින් විභාග පත්‍රයේ ඇති ඒවාට සලතුණක්ද තිබූ බව වාර්තා වනවා.
මෙම ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න 50 ක් දරුවන්ට ලබා දී ඉන් ප්‍රශ්න 26 ක් ඒ ආකාරයට මුහුණු සලකුණ යොදා විශේෂ කර තිඛෙන බවත් ඒ 26 න් 19 ක් රූපසටහන් සහ අකුරක් හෝ නොවෙනස්ව සා.පෙළ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වී තිබුණ බවත් වාර්තා වුණා. සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්වත් වෙනස් නොවී උපකාරක පන්ති ගුරුවරයාගේ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව තිබීමද විශේෂත්වයක් වුණා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 4048 කදී දරුවන් 5,42,260 ක් පෙනී සිටි අතර ප්‍රශ්න පත්‍ර පිටිවීම නිසා ලක්ෂ පහමාරකට ආසන්න එම දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මැදිහත්වී පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

මේ අතර අද පැවති සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයත් කිතුල්ගල සහ නාවලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් විභාගයට පෙර සාකච්ඡා කර ඇති බවට වාර්තා ලැබී ඇති බවත් ඒ ගැනත් පොලිසිය පරීක්ෂණ කරන බවත් වාර්තා වනවා.

සා.පෙළ විද්‍යාව විභාග පත්‍රයේ හා අනුමාන පත්‍රයේ එක් ප්‍රශ්නයක් පහත පරිදිය.


Gossip Lanka Hot News Previous News Archive