වැව් රැසක් වාන් දැමිම හේතුවෙන් ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවේ.

අධික වර්ෂාව සහ ඇල මාර්ග පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුරය හොරොව්පතාන නගරය ජලයෙන් යටවී තිබේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ වැව් 12 කට හානි සිදුව තිබේ.හොරොව්පතාන ප්‍රදේශීය ලේකම් ඩී.එම් ශාන්ත දසනායක මහතා පැවසුවේ,අද උදෑසන සිට වරින් වර එම වැව්වලට හානි සිදුව ඇති බවය.අනුරාධපුරයේ ප්‍රධාන වැව් රැසක්ම මේ වනවිට වාන් දමමින් පවතී. නුවර වැවේ වාන් දොරටු 6ක් මේ වනවිට විවෘත කර ඇත. කලත්තෑව වැව වාන් දැමීම හේතුවෙන් කලත්තෑව ගම්මානය ද ජලයෙන් යටවිය.


මේ නිසා අනුරාධපුර - මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයටද බාධා එල්ල වී තිබේ.

රාජාංගණය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් සදහන් කළේය.

මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර පූජා නගරය ද ජලයෙන් යටවී තිබේ.


Gossip Lanka Hot News Previous News Archive