අනියම් සැමියාව ඇසිඩ් බාල්දියකින් නාවලා

කඩවත පොලිස්‌ බල ප්‍රදේශයට අයත් දළුපිටිය විදුලි බලාගාරය අසල කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක්‌ තම අනියම් සැමියා නිවසට පැමිණි විට ඇසිඩ් බාල්දියක්‌ ඔහුගේ හිසට වත්කර ඇත. එහිදී ඔහුගේ හිස මුහුණ, දෑස්‌, සිරුර බරපතළ ලෙස පිළිස්‌සීම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ පිළිස්‌සීම් තුවාල සහිතව රෝහලට ඇතුළත් කර ඇත්තේ දළුපිටියේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති 40 හැවිරිදි කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස්‌ ගතව සිට ඉපයූ සියලුම මුදල් අනියම් සැමියා විසින් ලබාගෙන වෙනත් කාන්තාවක්‌ සඳහා වැය කිරීම මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමට මූලික හේතුව බැව් ඇය පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වේ.
විදේස්‌ ගතව සිට ලංකාවට පැමිණි සෑම අවස්‌ථාවකම දෙදෙනා අතර අඬ දබර සිදුවන බවත් කිහිප විටක්‌ දෙදෙනා විසින් ඇසිඩ් ප්‍රහාර එල්ල කරගෙන ඇති බවත් ඇය පවසා ඇත.
කඩවත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ඩී. එස්‌. වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. ආර්. පී. කේ. යූ. රාජපක්‌ෂ සහ පො.කො. 85902 අජිත් යන නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.

Gossip Lanka Hot News Previous News Archive