අභියාචනාධිකරණය තීරණය බැහැර කිරීමට යයි!

දෝෂාභියෝග කාරක සභාවට නිකුත් වන නොතීසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ කථානායකවරයා ලබාදුන් තීන්දුවට අනුව බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා   අවධාරණය කළේය.
දෝෂාභියෝග විශේෂ කාරක සභාවට එරෙහිව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (21) විභාගයට ගැනුන අතර, එහි වැඩිදුර විභාගය ලබන 03 වනදාට කල්දමනු ලැබිය.


එසේම, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරු මඩුල්ල , කථානායකවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ දෝෂාභියෝග කාරක සභාවේ සාමාජිකයන් වෙත නොතීසි නිකුත් කෙරින.

එභෙත් පසුගිය මාසයේ අධිකරණයෙන් දෝෂාභියෝග කාරක සභාවට නොතීසි නිකුත් කෙරුණු අවස්ථාවේ කථානායක චමල් රාජපක්ෂ මහතා තීන්දු කළේ කාරක සභාවට එරෙහිව අධිකරණයෙන් නිකුත් කෙරෙන නොතීසි පිළිනොගන්නා බවයි.

එදින නිකුත් කෙරුණු නොතීසි වලට මෙන්ම ඉන්පසු ඕනෑම අවස්ථාවක කාරක සභාවට එරෙහිව නිකුත් වන නොතීසිද පාර්ලිමේන්තුව පිළිනොගන්නා බව කථානායකවරයා තීන්දු කළේය.

එම තත්ත්වය හමුවේ කාරක සභාවට එරෙහිව අද (21) නිකුත් කෙරුණු නොතීසි සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ කථානායකවරයා ලබාදුන් තීරණය අනුව බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් පැවසිය.

කෙසේවුවද, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ ඉදිරි කටයුතු අත්හිටුවන්නැයි අභියාචනාධිකරණය කතානායකවරයාට අද උපදෙස් නිකුත් කළේය.


Gossip Lanka Hot News Previous News Archive