නීති විදුහල මුස්ලිම්කරණය කිරීමේ උත්සාහයක්

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ මෙවර ප්‍රතිඵල අනුව පෙනී යන්නේ නීති විද්‍යාලය මුස්ලිම්කරණය කිරීමේ උත්සාහයක් පවතින බව යැයි ජාතික විද්වත් සභාව පවසයි.

මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේදී යම් අකටයුත්තක් සිදු වී ඇත්දැයි වහාම විමර්ශනයක් පවත්වා, එසේ සිදු වී ඇත්නම් එම ප්‍රතිඵල අහෝසි කර නැවත විභාගය පැවැත්විය යුතු යැයි ජාතික ව්ද්වත් සභාවේ ලේකම් බන්ධුල චන්ද්‍රසේකර මහතා කීවේය.


වසරක් පාසා නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමට පවත්වන මෙම විභාගය සඳහා ඉල්ලූම්පත් 11000ක් පමණ ඉදිරිපත් කළද ඉල්ලූම්කරුවන් 7000-8000ක් අතර ප්‍රමාණයක් විභාගයට පෙණී සිටින බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ සිංහල මාධ්‍යයෙන් සිසුන් 80%ක්. දෙමළ මාධ්‍යයෙන් 5% හා ඉංගී්‍රසි මාධ්‍යයෙන් 12%-15%ත් අතර ප්‍රමාණයක් විභාගයට පෙනී සිටින බවයි.

එසේම වර්ෂයකදී සාමාන්‍යයෙන් 250ත් 300ත් අතර සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනෙන මෙම විභාගයෙන් මෙවර සිසුන් 309 දෙනකු බඳවා ගැනීමට සූදානම්ව ඇත.

ඒ අතර සිංහල සිසුන් 191ක් ද්‍රවිඩ සිසුන් 40ක් හා මුස්ලිම් සිසුන් 78ක් වශයෙන් දෙමළ හා මුස්ලිම් සිසුන් ප්‍රමාණය අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම්කර ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

නීති විද්‍යාල ඉතිහාසය තුළ පසුගිය වසර 10ක පමණ කාලයේ මෙවැනි අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වී නැති බවත් විභාගයට මුහුණ දුන් සිසුන් අතර යම් අක්‍රමිකතාවයක් සිදු වූ බවට මතයක් ප්‍රචලිත වෙමින් පවතින බවත් ඒ මහතා කීය.

විභාග ප්‍රතිඵලයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් පනස් දෙනාගෙන් 28ක් මුස්ලිම් සිසුන් වන අතර ප්‍රථම වතාවට ප්‍රධාන ස්ථාන ලබා ගත් සිසුන් තිදෙනාම මුස්ලිම් සිසුන් වී ඇත.

Gossip Lanka Hot News Previous News Archive