දෙසැම්බර් 23 රාහු මාරුව
රාහු යනු පියවි ඇසින් දැකිය නොහැකි මන--කල්පිත මවාගන්නා ලද නුවණැසින් දැකිය හැකි ඡායා ග්‍රහයෙකි. රාහු රාශිමාරු කරන විට කේතුද රාශි මාරු කරයි. මෙම දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන සප්තම දෘෂ්ටියෙන් සිටී. පෘථිවිය හා චන්ද්‍රයා ගමන් කර මාර්ගය කැපී යන ස්ථානය තුළ රාහු කේතු නියෝජනය කරයි. රාහු මිනිස් කඳක් හා නාගයකුගේ හිසක් සංකේතවත් කරන අතර කේතුට නාගයකුගේ කඳක්ද මිනිස් හිසක ද ස්වරූපයක් ගනී.වර්ෂ 2012 දෙසැම්බර් මස 23 වැනි ඉරුදින සවස 5.27ට රාහු සිකුරුගේ භවනට පැමිණෙයි. කේතු අඟහරුගේ මේෂ රාශියට පිවිසෙයි. රාශි චක්‍රයේ ආපස්සට ගමන් කරන මෙම ග්‍රහයන් දෙදෙනා ඔබේ ලග්නවලට බලපාන අන්දම විමර්ශනය කර බලමු.
පොදුවේ ගත් කල රාහුට තුලා රාශිය මිත්‍ර රාශියකි. මෙතෙක් කල් ගොළුවී සිටි රාහු තුලා රාශි ගත වීමත් සමඟ ප්‍රාණවත් වෙයි. මංගල යෝග නොමැති අයට මංගල යෝග උදා කරයි. ලෞකික සැප සම්පත් ලබාදීමට රාහුත් මුලපුරයි. නමුත් ඔබේ දරුවන් කෙරෙහි ඉතාමත් සැලකිලිමත් විය යුතු කාලයකි. අනිසි ප්‍රේම සබඳතාවලට පැටලී අධ්‍යාපනය අවුල් කර ගැනීමට ඉඩ ඇත. ඒ පිළිබඳ මවුපියන් සැලකිලිමත් විය යුතුයි.
කේතු මේෂ රාශි ගත වීම මලානිකත්වයෙන් මිදෙයි. ඉගෙන ගන්නා දරුවන්ට දැනුම හා බුද්ධිය වඩයි. නමුත් අඟහරුගේ රාශියකට පිවිසීම නිසා පිරිස් අතර යම් යම් ගැටීම් ඇති විය හැක.
මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ට රාහු තුන්වැන්නට පැමිණෙන අතර, කේතු ලග්න ගත වෙයි. මංගල යෝග උදාකරයි. විවාහ නොවුණ අයට විවාහ සිදුවීමට සුදුසු කාලය බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න. විවාහක අයට පවුල් ජීවිතය තුළ ප්‍රශ්න කරදර ඇති විය හැක. අනවශ්‍ය රහස් ප්‍රේම සබඳතා හේතුවෙන් චරිතයට කැලැල් ඇති විය හැක.
කේතු ලග්න ගත වීම මත අධ්‍යාපන අංශවල දියුණුවක් ලබයි. සමාජ ඇසුර අඩු කර අධ්‍යාපන කටයුතුවලට යොමුවීම තුළින් එකී අංශවල දියුණුවක් ලැබිය හැක.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන්ගේ හය වැන්නට රාහු පැමිණෙන අතර, කේතු ෙදාළොස්වැන්නට පැමිණෙයි. සතුරු කරදර නිමා කරයි. ජනප්‍රියතාවක් ලබන අතර, කලා කටයුතුවල නිරත අයට තම කුසලතාවන්ට තැනක් හිමිවන අතර රැකියා අංශවල දියුණුවක් ලබයි. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට එහි සාර්ථක ප්‍රතිඵල ලබයි. හදිසි ධන ලාභ ලැබීමට ඉඩ ඇති නිසා ලොතරැයි මිලදී ගන්න.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියන්ගේ පස්වැන්නට රාහු පැමිණෙන අතර කේතු අයස්ථාන ගත වෙයි. අනවශ්‍ය ප්‍රේම සබඳතා ඇති වීමට ඉඩ ඇති බැවින්, එමඟින් වැළකී කටයුතු කරන්න. කලා අංශවල ඉගෙනුම ලබන දරුවන් සාර්ථක ප්‍රතිඵල ලබයි. තමන්ගේ සහකරුට හෝ සහකාරියට හදිසි ධන ලාභයක් ලබයි. ඔබටද ආර්ථික වාසි ඇති කරයි.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ගේ හතරවැන්නට රාහු පැමිණෙන විට කේතු දහවැන්නේ ගමන් කරයි. ඔබට ස්ථාන මාරුවීම් ඇති කරයි. රැකියාවල වෙනස් වීම්ද ඇති විය හැක. යාන වාහනවල ගමන් බිමන් බහුල කරවන අතර, ඉඩකඩම් දේපොළ ලබයි. විදේශ ගමන් ඇති කරයි. පවුල් ජීවිතවල තරමක් ප්‍රශ්න කරදර ඇති විය හැකිය. රැකියාවට සතුරු කරදර බලපෑමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ගේ තුන්වැන්නට රාහු පැමිණෙන අතර කේතු නව වැන්නේ ගමන් කරයි. නින්දා ලබපු කාලය අවසන් වී ප්‍රශංසා ලබයි. කීර්තිනාම ගරු සම්මාන හිමි කරයි. වෙනදාට වඩා උත්සාහය ඇති කරයි. විවාහ නොවුණු අයට මංගල යෝග උදා කරයි. හදිසි ධන ලාභ ලබන අතර, පිය උරුමයන්ද හිමිවන කාලයකි. තරමක් පියාට අපල ඇති කරයි.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ගේ දෙවැන්නට රාහු පැමිණෙයි. කේතු අට වැන්නේ ගමන් කරයි. අසනීප රෝග තත්ත්ව සොයා ගැනීමට අමාරු රෝග තත්ත්ව ඇති විය හැකිය. මිල මුදල් ලබයි. නමුත් වියදම් බහුල කරවයි. පවුල් ජීවිතය අවුල් වීමට ඉඩ ඇති නිසා අවබෝධයෙන් යුතුව කාලය ගත කරන්න. මුදල් පිළිබඳ ප්රශ්නවලදී ඉතාමත් සැලකිලිමත් වන්න.
තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ගේ රාහු ලග්නයේ ගමන් කරන අතර, කේතු හත්වැන්නට පැමිණෙයි. ඔබට වෙනදාට වඩා ගමන් බිමන් බහුල කරන කාලයකි. නිතර ගමනේ යෙදෙයි. පිට පළාත්වල අයව හඳුනා ගැනීමට ලැබෙයි. අලුතෙන් මිතුරු මිතුරියන් හඳුනා ගනී. හිස ආශි‍්‍රතව තරමක රෝග තත්ත්ව බලපාන අතර තමන්ගේ සහකරුට හෝ සහකාරියට රෝග තත්ත්ව මතු කරයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ රාහු ෙදාළොස්වැන්නේ ගමන් කරන අතර, කේතු හයවැන්නට පැමිණෙයි. විදේශ ගමන් ඇති කරන කාලයකි. පදිංචි ස්ථාන වෙනස් කරයි. වෙනදාට වඩා ශරීරයේ අසනීප තත්ත්ව හේතුවෙන් බෙහෙත් පාවිචිය වැඩි විය හැක. සතුරු කරදර ආවත් එමඟින් ජය ලබයි. අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරයි. නීතිමය ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. ඔබ මත්පැන් පානය කරන අයකු නම් වෙනදාට වඩා පාවිච්චිය වැඩි කරයි.
ධනු ලග්නය
ධනු ලග්න හිමියන්ගේ රාහු අයස්ථානයට හා කේතු පස්වැන්නට පැමිණෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩවලට ඉතාමත් සුබ වන අතර, ආර්ථික වාසි ලබයි. කීර්තිනාම හිමි කරයි. මංගල යෝග උදා කරයි. පෙර පින් පලදෙන කාලයකි. ඔබට මෙතෙක් කල් ලැබීමට තිබූ ණය මුදලක් ලැබෙන කාලයකි. මුදල් යොදවා ව්‍යාපාර ආරම්භ කරන්න. සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. විභාග, සම්මුඛ පරීක්ෂණවලින් සමත් වෙයි. ඔබට පෙර ආත්ම භවයන්හි හැකියාවන් ඉස්මතු වෙයි.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ගේ දහවැන්නට රාහු පැමිණෙන අතර කේතු හතරවැන්නට පැමිණෙයි. රැකියාවේ වෙනස්කම් ඇති කරන අතර, කාර්ය බහුල කරයි. මළගිය ඥාතීන්ගේ බැල්ම පදිංචි ස්ථානවලට බලපාන කාලයකි. සිත තුළ නොසන්සුන් තත්ත්වයක් බලපාන අතර, පපුව ආශි‍්‍රතව රෝග තත්ත්ව ඇති කරයි. ව්‍යාපාරවල නිරත අයට ආර්ථික වාසි ලැබෙයි. නමුත් වියදම් පැත්ත බහුලයි. කරන හැම කටයුත්තක්ම වගකීමකින් කරන්න.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ගේ භාග්‍යස්ථානයට රාහු පැමිණෙන අතර, කේතු තුන්වැන්නට පැමිණෙයි. දුර බැහැර ප්‍රදේශවල සංචාරය කරයි. විනෝද චාරිකා, වන්දනා ගමන් ඇති කරයි. ඔබට මියගිය ඥාතීන්ගෙන් බැල්ම ලැබෙන කාලයකි. පිනට දහමට නැඹුරු වෙයි. විදේශ ගමන් සාර්ථක වන අතර, කලා හැකියාවන් ඇති අයට, කලා විෂයන් හදාරන අයට තම බලාපොරොත්තු ඉටු වේ.
මීන ලග්නය
මීන ලග්න හිමියන්ගේ අට වැන්නට රාහු පැමිණෙන අතර, කේතු දෙවැන්නට පැමිණෙයි. ශරීරයට වස විස වර්ග ඇතුළු වීමට ඉඩ ඇත, පරිස්සම් වෙන්න. තුනටිය ආශි‍්‍රත රෝග තත්ත්ව ඇති කරයි. පදිංචි ස්ථාන වෙනස් විය හැකිය. මෙතෙක් කල් තැන්පත් කර තිබූ මුදලක් වැය වෙයි. රෝග තත්ත්ව නිසා බෙහෙත් පාවිච්චිය වැඩි කරන කාලයකි. අවේලාවේ වීදි සංචාරය නොකරන්න.
වසර 1 1/2කට පසු රාශි මාරු කරන රාහු සහ කේතු මෙම රාශිවලත් අවු 1 1/2ක කාලයක් සිටියි. සිංහ, ධනු, වෘෂභ, කුම්භ ලග්න හිමි අයට ඉතා සුබ වන අතර, මිථුන ලග්න හිමියන්ට මධ්‍යමයි. අනෙක් ලග්න හිමියන්ට හොඳට වඩා නරක ප්‍රතිඵල ඇති කරන නිසා ඉතාමත් උපේක්ෂා සහගතව සිතා බලා කටයුතු කිරීම තුළින් අපල තත්ත්ව අවම කර ගත හැකිය.
ජේයාතිෂ විශාරද,
විශ්වකීර්ති සම්මාන
සරත්චන්ද්‍ර බෝතලාගේ