වනාතවිල්ලුවේ ඩයිනොසිරස්ලා ඉඳලා ?

වසර එක්ලක්ෂ විසි පන්දහසකටත් වඩා පැරණි යැයි සැළකෙන ජනාවාසයක් පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ තිබූ බවට සාක්ෂි හමුව තිඛෙනවා. පසුගියදා එම ප්‍රදේශයේ ඇති බොරලූ කඳු ආශ්‍රිතව ඉපැරණි ශිලා මෙවලම් හමුවුණා. ඒ අනුව සැළකීමේදී මෙම ජනාවාසය මෙරට හමු වූ පැරණිතම ජනාවාසයන් අතරට එක්වන බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරා සත්ව විද්‍යාඥ කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා පවසනවා.

වනාතවිල්ලූව ප්‍රදේශයට ආසන්න ස්ථානයක තිබී ජුරාසික් යුගයට අයත් පොසිල හමු වී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව මෙම ප්‍රදේශයේ ඩයිනෝසර් සත්වයින් ජීවත් වූයේදැයි සැකකළ හැකි බව කැළුම් මනමේන්ද්‍ර මහතා පෙන්වා දුන්නා.
එමෙන්ම වනාතවිල්ලූවට උතුරින් පිහිටි අරුවක්ආලූ ප්‍රදේශයේ තිබී වසර මිලියන ගණනක් පැරණි ඩොල්ෆින් සහ මෝරා සත්වයින්ගේ පොසිලද සොයා ගත් බව කැළුම් මනමේන්ද්‍ර මහතා වැඩිදුරටත් කියා සිටියා.

Gossip Lanka Hot News Previous News Archive