සක්විති උසාවියේදී යට ඇඳුම පමණක් ඉතිරිවන සේ ඇඳුම් ගලවයි

සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ. බන්ධනාගාර නිලධරයෝ ඔහු උසාවියට ගෙන අවුත් උසාවි සිර මැදිරියට ඇතුළු කළහ. උසාවි වැඩ ඇරඹිනි. යට ඇඳුම පමණක් ඉතිරිවන සේ සියලු ඇඳුම් ගලවා දැමූ සක්විති කෑ ගසන්නට විය. තමා නිර්දෝෂී බව කීවේය. ආණ්ඩුව හා පොලීසිය මේ සියල්ලට වගකිව යුතු බව කීවේය. එසේ කියමින් කෑ ගැසුවේය.

බන්ධනාගාරයේදී තමන්ට පහර දෙන බවත්, හිරිහැර කරන බවත් කීවේය. බන්ධනාගාර නිලධරයෝ මහත් ආයාසයකින් ඔහුට ඇඳුම් ඇන්දවූහ. ඔහු යළි රිමාන්ඩ් කිරීමෙන් පසු බන්ධනාගාර රියට රැගෙන ගිය පසු යළිත් ඇඳුම් උනා පෙර පරිදිම කෑකෝ ගැසූහ.


වැඩි පොළියක් දෙන බව කියා දෙදහසකගෙන් පමණ රුපියල් කෝටි 105ක පමණ තැන්පතු වංචා කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත. ඔහු ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක් විය. වංචාවෙන් පසු බිරිය සමග 2008 දී ඉන්දියාවට පැනගොස් පසුව ලංකාවට පැමිණි සක්විති වෙස්වලාගෙන වැලි ගොඩ දමන්නකු ලෙසත්, ටියුෂන් ගුරුවරයකු ලෙසත් කටයුතු කරද්දී 2010 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.


Gossip Lanka Hot News Previous News Archive