භූ චලන නිසා අම්පාරේ ගෙවල් රැසක් පුපුරලා

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වඩිනාගල, කිව්ලේගම, පල්ලංඔය ප්‍රදේශවල සති කිපයක් තිසසේ සිදු වන භූ චලනය පිළිබඳ තවදුරටත් පරික්ෂණ කටයුතු සිදු කරන බව භූ විද්‍යා සහ පතල් කර්යංශයේ අධ්‍යක්ෂක ජනරාල් අනිල් පිරිස් මහතා පවසා සිටි.

දැනට අනාවරණය කරගෙන තිබෙන පරිදි සියයට අනුවක් පමණ මේ භූචලන මිනිස් ක්‍රියාකාරකමක් තුළින් සිදුවන තත්ත්වයක් බවත් ස්භාවික ක්‍රියාවලියක් මගින් සිදුවන කම්පන තත්ත්වක් තුළ මහා ශබ්දයක් නැගෙන්නේ නැති බව භූ විද්‍යා සහ පතල් කර්යංශය පෙන්වා දෙයි. ප්‍රදේශවසින් පෙන්වා දෙන පරිදි භූ චලන 32ක් පමණ ප්‍රමාණයක් සිදුව ඇත. නිවාස විශාල සංඛ්‍යාවක් මේ වන විට ඉරි තැලිම්වලට ලක්ව තිබේ.


මේ කම්පන තත්ත්වක් පිළිබඳ අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතාගෙන් විමසු විට ඒ මහතා පවසා සිටියේ දැනට දැයට කිරුළ ජාතික වැඩසටහන සදහා ගොඩනැගිලි හතක් අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය මුලික කර ගනිමින් ඉදිකරන බවත් කිසිදු අයුරකින් එහි කැනිම් කටයුත්තක් සිදු නොකරණ බවත් දැනට සිදු කරණ ඉදිකිරිම් මගින් එවැන්නක් සිදු විය නොහැකි බවත්ය.

මේ භූ චලන තත්ත්වය පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක් වු අධ්‍යක්ෂක ජනරාල් අනිල් පිරිස් මහතා - පසුගිය මස නොවැම්බර් 4 වෙනිදා සිට අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල, කිව්ලේගම, පල්ලන් ඔය ප්‍රදේශවල සිදු වි තිබේන භු චලන පිළිබඳ කාර්යංශය විමසිල්ලෙන් පසු වී ඒ සදහා දෙසැම්බර් මස 4 දින සිට කාර්යන්ශයේ විමර්ශන කටයුතු ආරම්භ කරා. මේ සදහා ජ්‍යෙෂ්ඨ භූ භෞතික විද්‍යඥයන් කැනිම් ඉංජිනේරුවරු, තාක්ෂණික නිලධාරින් යොදවා සමික්ෂණ කටයුතු අප ආරම්භ කර තිබේනවා.

දැනට මේ සදහා ජංගම භූ කම්පන මාන තුනක් යොදවා මේ නිරික්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව සුළු භූ කම්පන කිපයක තොරතුරු සටහන් වී තිබෙනවා. ඒ අනුව විශේෂ ලක්ෂණයක් හැටියට සැලකිය හැකි දත්තයන් අනුව වාතයේ අදි පිඩනය කියන දත්ත තමයි සටහන් වී තිබෙන්නේ.

නමුත් ඒ භූ කම්පනය ඇති වි තිබෙන ප්‍රබලතාවය ඉතාමත් අඩු මට්ටමක පවතින බව කියත හැකි. ඒ සදහා නිරික්ෂණ කටයුතු සිදු කළ යුතුයි. භූ විද්‍යා සහ පතල් කර්යංශය තමන් සතු දැනුම සහ මෙය කවර දෙයක් නිසා සිදු වන්නක් ද යන්න සොයා බලන්නට කටයුතු කරන බව සදහන් කල යුතු යැයි ජනතාවට යම් බියක් ඇති වී ඇත්නම් එය පහව යන තුරු මේ පිළිබඳ අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු සොයා බලනවා.

Gossip Lanka Hot News Previous News Archive