අවසාන තරගයට මාලිංග කැදවීමට යයි. Will Lasith Malinga Play Final Test In-Australia

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා දැනට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටින වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සහාය ලබා ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමේ පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් මහතා පවසයි.
ඔස්ට්‍රේලියාවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ කෙටි කාලයක් තුළ ලසිත් මාලිංග ඒ සදහා යොදවා ගැනීම අපහසුවනු ඇති බවය.
මේ අතර, ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම කණ්ඩායමට අභියෝගයක් වුවත්, එළැඹෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නවක ක්‍රීඩකයින් සමගින් එම අභියෝගය ජය ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු එහිදී ප්‍රකාශ කළේය.

ලබන තුන්වැනිදා සිඩ්නිහිදී ආරම්භවන එම ටෙස්ට් තරගයේදී දිනේෂ් චන්දිමාල්ව කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවත් අදාළ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව මේ වනවිට ජය ලබා අවසන්ය.

Gossip Lanka Hot News Previous News Archive