කහවත්ත ඔපාත ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (07) රාත්‍රියේ දී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්වූ පුද්ගලයා, කහවත්ත - කොටකෙතන පන්සල පාරේ පදිංචි 33 හැවිරිදි ආගස් ප්‍රියන්ත නමැති අයකු බවට හඳුනාගෙන ඇත.
2009 දි ඩබ්ලිව්.ඒ. ආරියවතී නම් කාන්තාවක මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස කීපයක් රිමාන්ඩ් බාරයේ ද තැබීමෙන් පසු සාක්කි නැතැයි නීතිපතිගේ නිර්දේශ අනුව ඔහු මුදා හැර සිටියේය.
කොටකෙතන ගැහැණුන් 15ක් අභිරහස් ලෙස මරා දැමීමෙන්පසු පොලීසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුර කරති.
එවැනි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙද්දී පවා, ප්‍රියන්ත මරා දමා තිබුණේ කොටකෙතන සිට කිලෝමීටර් 2ක් ඈත පාරක් අසලය.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙම ඝාතනයත් සමග කහවත්ත ආශිත ඝාතන සංඛ්‍යාව 16 දක්වා ඉහළ නගින අතර යළිත් වරක් කහවත්ත ජනතාව භීතියෙන් ඇලලීගොස් සිටිති.