![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX14r0N5gI42X380OrEy6USmYiAPxBGgqjn6wLluwVhnKl0s-jGlXu1ylZEObm4trLjbdd3GmSbahAXeLeYufJQvm3AdDPPwpWZxnb6lYrq3dPhK8tb9ONujtS1r0ZA1KA7vHhjeNeJnc-/s1600/images+%281%29.jpg)
පොලොව පළා ගෙන දැවැන්ත ගස් දෙකක් ගිලා බැසීමේ සිද්ධියක් මාතලේ දුන්කලවත්ත දොරකුඹුර ප‍්‍රදේශයෙන් වාර්තාවේ . විශ්කම්භය අඩි 20 ක් 30 ක් පමණැති ආවාට දෙකක් මතුවී දැවැන්ත ගස් දෙක ගිලා බැස ඇත. 19 දින හිටිහැටියේ මෙම ආවාට මතුවී කොස් ගසක් සහ කිතුල් ගසක් ගිලා බැස ඇත . දොරකුඹුර සීලවතී කුමාරිහාමි මහත්මියගේ වත්තක මෙම ආවාට මතුවී ඇති අතර අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ අඩි 60 ක් පමණ උසැති කිතුල් ගසක් මෙම ආවාට දෙකෙහි ගිලා බැස නොපෙනී ගොස් තිබේ.
ඉකුත් සුනාමි පැවැති කාලයේදී මෙම ප‍්‍රදේශයේ නිවාස 400 ක පමණ බිත්ති ඉරිතලා හානි සිදුවූ අතර මීට පෙරද මෙම ස්ථානයට ආසන්න තැනක යකඩ ඉන්නක දිගේලිකර සිටි ගවයෙකු යකඩ ඉන්නද සමග පොලොව යටට ගිලා බැස ඇති බව ඉතිහාසයේ සදහන් වේ.