උස අඩි 3යි,සෙනෙහස මහමෙරයි
පුංචිම පුංචි මේ අඹු සැමි යුවළ ලෙස එක් වරක් බැලූ අය දෙවරක් බැලිමට අමතක නොකරති. විවාහයට උස් මිටි භේද නැතැයි සනාථ කරමින් පවුල් ජීවිතය ඉතාමත් සතුටින් ගත කරන මේ අඹු සැමි යුවළ ජීවත්වන්නේ කළුතර ගල්පාත දියගම පිහිටි දෙමහල් නිවසකය.
අඩි තුන බැගින් උසැති මේ අඹු සැමි යුවළ අතිනත ගත්තේ ඉකුත් නොවැම්බර් මාසයේය. මනාලයා වූයේ 35 හැවිරිදි පොස්‌පිටියගේ දොන් ධර්මසිරි ප්‍රෙAමලාල්ය. මනාලිය වූයේ මොරටුව සොයිසා පුර පදිංචි 26 හැවිරිදි දිලිනි ඉරෝෂනී සේනාරත්නය.
වෘත්තියෙන් ඔරලෝසු හා ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමට උපන් හපන්කම් දක්‌වන ධර්මසිරි සිය උරුමයෙන් ලැබුණු ඉඩම් කැබල්ලක දෙමහල් නිවසක් ඉදි කර ඇත. පහත මාලයේ කඩ කාමරයක සිය වෘත්තිය කරගෙන ගියේය.
හිතවතෙකු ගෙනා මංගල යෝජනාවක් අනුව සිය මනාලිය වන දිලිනි සමග ඔහු අතිනත ගන්නා විට දිලිනි හෙද පාඨමාලාවක් හදාරා තිබුණි. ඇය මොරටුව සොයිසා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
මේ අඹු සැමි යුවළ විවාහ ගිවිස ගන්නා දිනයේ ඔවුන්ගේ මල් කුමාරියන් වූයේද එවකට එම උස ප්‍රමාණයේම දැරියකි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieADJYmmPtVgntWyLdneVYZkzmiLs0sAPWoCY-gmacHM5BmBQ6GM95GzPu7JEQtrW-Az1RkpMBGR0YrX1nepsAhYArsJucPWZsTooxcJKtB-dAEP11oUdqPpiQbN9kflyua7-McODhii0/s320/wed3.jpg)
හිත ඇත්නම් පත කුඩාද යනුවෙන් ගැමි වහරක් ඇත. අධිෂ්ඨානය ඇත්නම් අද කළ නොහැකි දෙයක් නැත. අධිෂ්ඨාන ශක්‌තිය පෙරදැරි කරගෙන ඉදිරියට යන මේ අඹු-සැමි යුවළට අපි සුබපතමු.
ධර්මසිරි ප්‍රෙAමලාල් දිලිනි ඉරෝෂනී විවාහ වූ දා