සාධාරණ අයිතීන් දිනා ගැනීම සඳහා නීතිඥවරුන් කරන සටනට, වෘත්තීය සමිති 366 කින් සමන්විත ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය පූර්ණ සහය ලබාදෙන බවට එම වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ලංකා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේද උදාහරණ ගෙන බලන විට තහවුරු වන්නේ වැඩ කරන ජනතාව මෙන්ම සෑම ක්ෂේත්රයකම සෙසු ජනතාවද තමන්ගේ අයිතීන් දිනාගෙන ඇත්තේ පාලකයින්ට එරෙහිව කළ සටන් වලින් යැයි ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි.
නීතියේ සාධාරණත්වය වීමට මෙන්ම ප්රජාතන්ත්රවාදයේ යහ පැවැත්ම උදෙසා නීතිඥවරුන්ට සටන් කිරීමට සිදුව තිබීමෙන් තහවුරු වන්නේ එම රටේ ප්රජාතන්ත්රවාදය බරපතළ අභියෝගයකට ලක් වී ඇති බව යැයිද ඒ මහතා පවසයි.
අධිකරණ ක්ෂේත්රයට මේ මොහොතේ එල්ල වෙමින් තිඛෙන බලපෑම වත්මන් පාලනයේ ව්‍යවස්ථාපිත ඒකාධිපති ගමනට අවශ්‍ය ආකාරයට නතු කර ගැනීම සඳහා වන කි‍්‍රයා මාර්ගයක් බව ඉතා පැහැදිලි යැයිද සඳහන් කරන ඒ මහතා එකී බලපෑමට එරෙහිව විනිසුරුවරුන් නීතිඥයන් ඇතුළු පිරිස ගන්නා කි‍්‍රයා මාර්ගවලට පූර්ණ සහාය පළ කරන බවද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.