වහාම ගිනස් වාර්තා ආයතනයට මේ බව දන්වන්නැයි මිතුරෝ ඔහුව උනන්දු කළහ. ශත වර්ෂ 2ක් තරම් පැරැණි තම පවුලේ ගොවිපළේ කිකිළියන් දිගටම සාමාන්‍ය තරමේ බිත්තර දමන නමුත් පැන්ස 20 කාසියක තරමේ මේ අරුම පුදුම බිත්තරය අහම්බෙන් හමුවී ඇතැයි රේ කීවේය. එය අංගසම්පූර්ණ සවිමත් කටුවක් ඇති බිත්තරයකි. තවදුරටත් මෙය සාක්කුවේ දමාගෙන අවදානම් ලෙස ගෙන යන්නේ නැති බවත් එය පුළුන් ඇසුරුම් කළ පෙට්ටියක රඳවා ඇති බවත් මෙහි හිමිකරු කියයි. වාර්තා පොතේ ඇති කුඩාම බිත්තරය ග්‍රෑම් 7.3ක් බර අතර රේගේ බිත්තරය ග්‍රෑම් 5ක් පමණක් බර අතර සෙ.මී. 2ක් පළලින් සහ සෙ.මී. 2.5ක් දිගින් යුක්ත වේ.
ලොව කුඩාම කිකිළි බිත්තරය එංගලන්තයෙන් හමුවේ

2012-12-10T05:03:00+05:30
aruna e