දෘශ්‍යාබාධිත ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරඟයට

බැංගලෝර් නුවර පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලානයේ අවසාන පූර්ව තරඟයේදී ඉන්දියාවට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේදී කදුළු හතක් දැවී ලකුණු 319 ක් රැස් කිරීමට සමත්විය.

එයට ප්‍රතිචාර වශයෙන් පන්දු ඕවර 20 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 195 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ චන්දන දේශප්‍රිය නොවී ලකුණු 111 ක් රැස් කිරීමත් ඉන්දීය පිලේ ජේ රෙඩ්ඩි ලකුණු 134 ක් රැස් කිරීමත් තරඟයේ කැපී පෙනුණු සිදුවීම්.

මේ අතර පාකිස්තානය සහ එංගලන්තය අතර පැවති අනෙක් අවසාන පූර්ව තරඟයේදී එංගලන්තය රැස් කළ ලකුණු 182 ඕවර 13 කදී හඹා යාමට පාකිස්තාන පිල සමත් වීමත් සමගම ඉන්දියාව සහ පාකිස්තානය හෙට අවසාන මහා තරඟයේදී ලෝක කුසලානය වෙනුවෙන් තරඟ වැදීමට නියමිතය.


Gossip Lanka Hot News Previous News Archive