පස් වසරකට පසු පාකිස්ථාන ක්‍රිකට් පිල ඉන්දියාවට යයි.

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වසර 5කට පසුව තරගාවලියක් සදහා ඉන්දියාවට පැමිණියේය.

2007 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලියක් නොපැවැත්විණි.
ඊයේ ඉන්දියාවට පැමිණි පාකිස්ථාන කණ්ඩායමට ශහිඩ් අෆ්රිඩි, උමාර් ගුල්, කම්රන් අක්මාල්, ශොහිබ් මලික් සහ සහීඩ් අජ්මාල්ද ඇතුලත්ය.

දෙරට අතර ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 20යි 20 තරග දෙකකින් සහ එක්දින ජාත්‍යන්ර තරග තුනකින් සමන්විත වේ.



බැංගලෝර්හිදී හෙට පැවැත්වෙන පන්දුවාර 20යි 20 පළමු ක්‍රිකට් තරගයෙන් තරගාවලිය ආරම්භ වේ.

මේ අතර, පාකිස්ථාන ක්‍රිකටට් කණ්ඩායම ඉන්දියාවට පැමිණීම පිළිබඳව ඉන්දීය ප්‍රධාන විපක්ෂය පසුගිය දිනවල විරෝධය පළ කළේය.

නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවය.

Gossip Lanka Hot News Previous News Archive