ශාන්ත පීටර්ස්බර්ග් හි අධිකාරීන් බාලවයස් කරුවන්ට සමලිංගිකත්වය ප්‍රචාරණය කිරීම ගැන තවත් ප්‍රසිද්ධ බටහිර චරිතයකට චෝදනා කර ඇත.
දෙසැම්බර් 9 වන දා නගරයේ පැවති ප්‍රසංගයකදී ගායිකා ලේඩි ගාගා ගේ ප්‍රකාශ ගැන සමලිංගික පණිවුඩ නීතියේ නිර්මාතෘ විටැලි මිලොනොවු ගේ චෝදනාවකට අනුව මෙම පරීක්ෂණ ඇරඹී ඇත.
මිලොනොවු ප්‍රකාශ කලේ මෙම ගායිකාව LGBT (සමලිංගික හා අතරමැදි ලිංග) කණ්ඩායම් වලට සහාය දෙන ලෙස බාලවයස් කරුවන්ගෙන් ඉල්ලා ඇති බවයි.
රුසියානු ජාතික කොඩිය වැරදි ලෙස යොදා ගැනීම හා රුසියාවට අපහාස කිරීම ගැනද ඔහු චෝදනා කර ඇත.
ශාන්ත පීටර්ස්බර්ග් හි අභ්‍යන්තර තටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සර්ජි උම්නොවු පුද්ගලිකවම හමුවී මෙම ගායිකාවගේ සමලිංගික පණිවුඩ ගැන පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා ඇත.
මෙ අතර කලි සහ සංස්කෘතික ක්‍රියාකාරීන්, ක්‍රීඩකයන් හා අනෙක් මහජන නියෝජිතයන් රුසියානු අධිකාරීන් ගෙන් මිලොනොවු ගේ බලතල අඩු කිරීමට සලකා බලන මෙන් ඉල්ලා ඇත.
ඔවුන්ගේ අදහස නම් මෙම ක්‍රියාමාර්ග නිිසා නගරය සමලිංගික භීතිකාවේ හා සම්ප්‍රදායික බවේ අගනුවර ලෙස අපකීර්තියට පත් වන බවයි.