අමරිකානු නව රාජ්‍ය ලේකම් ජෝන් කෙරි

අමරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස සෙනට් සභික ජෝන් කෙරි තේරි පත්වෙයි. බරක් ඔබාමා යළි අමරිකානු ජනාධිපතිවරයා ලෙස පත්විමෙන් පසු සිදු කළ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය ද මෙය වේ. මෙතෙක් අමරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ හිලරි ක්ලින්ටන් මහත්මියයි.
අමරිකානු රාජ්‍ය ලේකම් තනතුරට ජගත් සංවිධාන අමරිකානු තානාපතිනි සුසන් රයිස් පත්කරනු ඇති බවට මීට පෙර වාර්තා පළ විය. එහෙත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත.කෙරි ලබා ඇති රාජ්‍ය ගෞරවය නව තනතුරේ කටයුතු සදහා පිටිවහලක් වනු ඇති බව බරක් ඔබාමා මහතා ප‍්‍රකාශ කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive