රත්නපුර ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කාරියෙකු ලෙස ප‍්‍රකට කුඩු තුෂාරි නමැත්තිය, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සමග එම ජාවාරමට හවුල් බව කියන තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සැකකාරිය සමග අනියම් ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.
ඔවුන් දෙදෙනා කුලියට ගන්නා නිවෙස්වල සිට මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි පොලිසිය සැක කෙරේ.
සැකකරැවන් සන්තකයේ තිබි හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 8යි මිලිග‍්‍රෑම් 600ක් පොලිසිය සොයාගෙන ඇත.