ඩෙංගු ඹෟෂධයට අනුමැතිය ලැබේ

ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය විසින් ඩෙංගු රෝගය සඳහා සොයා ගන්නා ලද ඖෂධයට ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් අනුමැතිය ලබා දී තිබේ.

එම සහතිකය ඉදිරි දින කිහිපය ඇතුළත දේශීය ඇයට ලබාදීමට නියමිතව ඇත. දැනට වෛද්‍යවරිය විසින් ඖෂධය අසාධ්‍ය රෝගීන් හාරසිය පනහකට අධික සංඛ්‍යාවකට පාවිච්චි කිරීමට සලස්වා සුවපත් වී ඇතැයිද ඇය පවසයි.

දිනකට රෝගීන් විසිපහකට අධික සංඛ්‍යාවක් නිවෙසට පැමිණෙන බවත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.


එසේම රෝහල්වල ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවා ඔවුන්ගේ නිර්දේශය මත අසාධ්‍ය ඩෙංගු රෝගීන් තමා වෙත එවා ඇති බවද ඇය කියයි.

සුවපත් වී ගිය බොහෝ පිරිස් වෛද්‍යවරියට සුබ ප්‍රාර්ථනා කොට ලිපි රැසක් එවා ඇති බවත් දිනපතාම ශුභාශිංසන ලිපි ලැබෙන බවත් ඇය කියයි.

ඇගේ පියා පාරම්පරික සර්ප විෂ වෛද්‍යවරයෙකි. ඇය පසුගියදා පුවත්පත් සාකච්චාවකදී කියා තිබුනේ පරම්පරාවෙන්ම විෂ සර්පයන් දමනය කර ඇති තමන්ට මදුරුවා දමනය කර ගත හැකි වනු ඇතැයි දැඩි විශ්වාසයක් තිබූ බවයි.






Gossip Lanka Hot News Previous News Archive