දෙමල තරුණියන්ට ආරක්ෂක හමුදා අතින් ලිංගික හිංසනයක් සිදුවී නැහැ - විශේෂඥ වෛද්‍ය සිවසුබ්‍රමනියම්

මෑතකදී යුද හමුදාවට බදවා ගන්නා ලද දෙමල තරුණියන් කොටසක් සිය පුහුණුවීම් කටයුතු කරගෙන යන අතරතුරදී හදිසියේ අසනීපවී රෝහල්ගත කිරීමේ සිද්ධිය පිලිබදව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් වෙත එල්ලවී ඇති චෝදනා මුළුමනින්ම අසත්‍යය බව මානසික විශේෂඥ වෛද්‍ය සිවසුබ්‍රමනියම් සිවදාස් මහතා අවධාරණය කර සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, පසුගියදා බීබීසී දෙමල සේවයේ මාධ්‍යවේදියකු විසින්, එම තරුණියන්ට ප්‍රතිකාර කරනු ලබන මානසික විශේෂඥ වෛද්‍ය සිවසුබ්‍රමනියම් සිවදාස් මහතා සමග කල සාකච්ඡාවකදී ඔහු එම කාරණය පැහැදිලි කළේය.


මෙසේ කිළිනොච්චි රෝහලට ඇතුලත් කරනු ලැබූ යුධ හමුදාවේ දෙමල තරුණියන්ට ආරක්ෂක හමුදා අතින් ලිංගික හිංසනයක් සිදුවී ඇතැයි කියන චෝදනාව ද මෙම වෛද්‍යවරයා විසින් මෙහිදී තරයේම ප්‍රතික්ෂේප කළේය.

මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය කරන මෙම තරුණියන් සමග පෞද්ගලිකවම සාකච්ඡා කර ඔවුන්ගේ රෝග තත්වයන් පිළිඹදව හදුනා ගැනීම සදහා අවශ්‍ය අනුමැතිය බලධාරීන් විසින් තමාට ලබා දුන් බවත්, අනතුරුව තමා විසින් මෙම තරුණියන්ට ප්‍රතිකාර කිරිම ආරම්භ කල බවත් වෛද්‍ය සිවසුබ්‍රමනියම් මහතා මෙහිදී සදහන් කළේය.

බීබීසී ප්‍රවෘත්ති සේවයේ සීවකාන් මහතා විසින් අසන ලද ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින්, මෙසේ රෝහල් ගතකල තරුණියන් 15 දෙනා අතරින් දෙදෙනෙකු වාට්ටුවලට ඇලත් කර ඇති බවත් ඉතිරි 13 දෙනාට තමා විසින් පෞද්ගලිකවම ප්‍රතිකාර කරනු ලබන බවත් වෛද්‍ය සිවසුබ්‍රමනියම් මහතා පැවසීය.

රෝහලට ඇතුලත් කල විගසම බොහෝ දෙනෙකු මෙම තරුණියන් බැලීම සදහා තමාගෙන් අවසර ඉල්ලූ බවත්, තමා ඔවුන් හා පෞද්ගලිකවම හමුවී රෝග තත්වයන් නිශ්චය කර ගන්නා තෙක් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවත් වෛද්‍යවරයා විසින් මෙහිදී පවසා සිටියේය.

ඔවුනට තිබුනේ කුමන විදියේ රෝග තත්වයක්දැයි බීබීසි ය කල විමසීමේදී, වෛද්‍ය සිවසුබ්‍රමනියම් මහතා කියා සිටියේ, අවුරුදු 15 – 25 අතර වයසැති මෙම තරුණියන්හට අතීතයේ සිට මෙරට ප්‍රකටව පැවති දේව හෝ භූත ආත්මයන් ආරූඪවීම් සම්බන්ධ රෝගී තත්වයන් මානසික වශයෙන් ඇතිවි තිබූ බවයි.

මේ සම්බන්ධව තවදුරටත් කරුනු දැක්වු වෛද්‍යවරයා ඊට සතියකට පමණ පෙර එක් තරුනියක් විසින් තමා කදවුරේ හුදකලා ස්ථානවලය ගිය අවස්ථාවලදී තමා අසල හෙවනැල්ලක් මෙන් කිසිවකු ගැවසෙන බව ඇයට හැගෙන බව තවත් තරුනියකට පවසා තිබූ අතර, මෙහිදී එම දෙවන තරුණිය විසින් මෙම ප්‍රදේශයේදී බොහෝ දෙනෙකු මියගොස් තිබෙන බවත් පවසා ඇත.

පසුව පෙර කි තරුණිය ආවේෂවී දැගලීමට පවන් ගත් කල එය දුටු දෙවන තරුණිය බියට පත්ව සිහිසුන්ව ඇද වැටි ඇත.

රෝහලට ඇතුලත් තල සෙසු තරුණියන්ටද ඇත්තේ මෙම රෝගී තත්වයමද ? යැයි බීබීසි මාධ්‍යවේදී සීවකාන් මහතා කල විමසීමේදී, වෛද්‍ය සිවසුබ්‍රමනියම් මහතා පැවසුයේ, පලමුව මෙම තරුණියන් දෙදෙනා බියවීමෙන් අනතුරුව එම කතාව කදවුරේ සිටි සෙස්සන් අතර පැතුරුණු බවත්, ඒ අනුව ඔවුන්ගේ සිත්තුල ඇතිවූ අනියත බිය නිසා ඔවන්ද නිරායාසයෙන්ම ඉහත මානසීය තත්වයට ඇද වැටුන බවත්ය.

එසේම තමා වන්නි ප්‍රදේශයේ සේවය කල අවුරුදු 3 ½ කපමණ කාලයේදී මීට කලින්ද මෙවැනි රෝගී තත්වයනට පත්වූ රෝගීන් හමුවී ඇති බවත් පැවසූ වෛද්‍යවරයා, වරක් ඇගලුම් කර්මාන්ත ශාලාවකට බදවා ගන්නා ලද පූන්තෝට්ටම් කදවුරේ සිටි කාන්තාවන් 50 දෙනෙකු අතරින් 4 දෙනෙකුටම මෙවැනිම රෝගී තත්වයන් ඇතිවූ බවද මෙම රෝගී තත්වය මෙම ප්‍රදේශයේ සාමාන්‍ය දෙයක් බවද මෙහිදී පවසා සිටියේය. ‍

වෛද්‍යවරයෙකු වශයෙන් මෙම රෝගී තත්වයනට හේතූන් වශයෙන් ඔබ දකින්නේ කුමක්ද ? යයි බීබීසි මාධ්‍යවේදියා කල විමසීමේදී වෛද්‍ය සිවසුබ්‍රමනියම් මහතා කියා සිටියේ, '' ප්‍රධාන වශයෙන් අප මනස ආකාර දෙකකින් පවතිනවා. ඒ උඩු සිත හා යටි සිත යන ආකාරයෙන්.අපට මුහුණදීමට සිදුවන බොහෝ සිද්ධීන්වලදී ඉන් 10% ක් පමණ තීරණය කරනු ලබන්නේ උඩු සිත මගින් වන අතර 90% ක්ම තීරණය කරනුයේ යටි සිත මගිනි. මෙම යටි සිතෙහි අභ්‍යන්තර ව්‍යාකූල තත්වයක් ඇතිවූ විට (තනිව විසදා ගැනීමට නොහැකි ප්‍රශ්ණ මගින් සිත පෙලෙනවිට) මෙවැනි රෝගී තත්වයන් ඇතිවීම සාමාන්‍ය දෙයක්. පොදුවේ ශ්‍රී ලංකාවේ සිටින ද්‍රවිඩ පුද්ගලයින් මෙයට කාලි මෑණියෝ ආරූඪ වී ඇති බවත් සිංහල පුද්ගලයින් විසින් පත්තිනි මෑණියන් ආරූඪ වී ඇති බවත් පවසනවා ''

මෙහිදී බීබීසී කතෘවරයා විසින් අසන ලද තවත් ප්‍රශ්ණ කිහිපයක් හා ඒ සදහා වෛද්‍යවරයා විසින් ලබාදුන් පිළිතුරු පහත සදහන් පරිදි වේ.

බීබීසි කතෘ සීවකාන් - ඔබ මෙම රෝගීන් සමග කරන ලද සාකච්ඡා තුලින් ඔවුන් තුල මෙවැනි රෝගී තත්වයන් ඇතිවීමට හේතු කාරනා කවරේදැයි අනාවරණය කරගත්තේද ?

වෛද්‍ය සිවසුබ්‍රමනියම් - මොවුන් මා හා පැවසූ පරිදි අනිත් අය මොනවා කීවත් සියලුදෙනාම වාගේ මෙම රැකියාවට පැමිණිලා කියෙන්නෙ සිය කැමැත්තෙන්මයි. මෙයට එන්න කලින් මොවුනට කිසිදු ආදායමක් හෝ මාසික වැටුපක් ලැබී නැහැ. බොහෝ දෙනෙක් ඉතාම දුප්පත්. ඉතිං මේ රුකියාව ඔවනුට ලොකු දෙයක්. ඒත් මේ රටේ විශේෂයෙන්ම ද්‍රවිඩ කාන්තාව මීට වඩා හාත්පසින්ම වෙනස් සංස්කෘතියක හැදී වැඩුන කෙනෙක්. එනිසා මේ වාගේ රැකියාවකට ආවට පස්සේ ඔවුන් තමන්ගේ සංස්කෘතිය හා මෙම නව රැකියාව ‍යන දෙක අතර අතරමං වුනා. හේතුව මේ රැකියාව හා ඔවුන්ගේ සංස්කෘතිය අතර ඇත්තේ විශාල පරතරයක්. එනිසා ඔවනුගේ අභ්‍යන්තර මනසේ රැකියාව හා සංස්කෘතිය අතර යම් ව්‍යාකූල තත්වයක් ඇතිවුනා තමන් රැකියාව සම්බන්ධයෙන් ගත්තු තීරණය පිළිබදව.

බීබීසි කතෘ සීවකාන් - ඔබ කියනව මෙය ඔවුන්ගේ යටි සිතේ ඇතිවු ව්‍යාකූල තත්වයක් හේතුවෙන් සිදුවූවක් බව. නමුත් හමුදාවට බැදීමෙන් අනතුරුව ඔවුනට සිදුකරන ලද යම් අපචාරයක් හෝ පහරදිමක් වැනි දෙයක් සම්බන්ධයෙන් මෙවැනි තත්වයක් උද්ගත විය නොහැකිද ?

වෛද්‍ය සිවසුබ්‍රමනියම් - මම මේ 15 දෙනා සමගම පෞද්ගලිකවම සාකච්ඡා කලා. ඒ වගේම මොවුන් සිටි කදවුරට ගිහින් එහි සිටි ඉතිරි අයත් සමගත් කතා කලා. කදවුරු භූමිය හොදින් පරික්ෂා කලා. නමුත් එවැනි කිසිදෙයක් සිදුවෙලා නැහැ. කදවුර තුලදි මොවුන් ආවේෂ වෙලා නටන අවස්ථාවලදී කිසිදු පිරිමි හෝ කාන්තා සොල්දාදුවෙක් මොවුනට පහර දි නෑ. බැරිවෙලාවත් මොවුනට එහෙම පහර දුන්නානම් මොවුන් තවදුරටත් හමුදාවේ රැදි සිටින එකක් නැහැ. ඒ වෙනුවට ආරක්ෂක හමුදාවන් කලේ මොවුන්ව ප්‍රතිකාර සදහා රෝහලට රැගෙන ඒමයි.

තවත් දෙයක් මෙම කරුණියන් සියලු දෙනාම වගේ මගෙන් ඉල්ලපු එක දෙයක් තියනවා. ඒක තමයි ඔවුනට එවැනි කිසිදු ලිංගික හිංසනයක් සිදු නොවු බවත් පිටතින් එන එවැනි චෝදනාවලින් ඔවුන්ව ආරක්ෂා කර ඒ පිළිබද සත්‍යය ලොවට හෙලි කරන ලෙසත් ඔවුන් මට පවසා සිටියා.

එවගේම මගේ අදහසට අනුව හා අවුරුදු 31/2 වන්නි ප්‍රදේශයේ මා ලත් අත්දැකිම් අනුව මෙම රෝගි තත්වය ලිංගික හිංසනයක් නිසා සිදුවුවක් නොවන බව පැහැදිලිවම කීමට පුලුවන්. යම් කිසිවෙකු විසින් එවැනි අසත්‍ය ප්‍රචාරයන් මාධය හරහා ගෙන යන්නේ නම් එය මාධ්‍ය අපචාරයක් හෝ දේශපාලන අපචාරයක් ලෙස හදුන්වන්නට පුලුවන්.

ඔබ මොන ආකාරයේ ප්‍රතිකාරද ඔවුනට ලබාදෙන්නේ යයි අසන ලද ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් වෛද්‍යවරයා පවසා සිටියේ, පුද්ගලයින්ගේ සිත්වල ඇතිවන විවිධ ව්‍යාකූල තත්වයන් මත මෙවැනි දේ සිදුවන බව ත් එසේ නැතිව යක්ෂයින්, භූතයින් හෝ දෙවියන්ගේ බලපැම් මත මෙවැනි දේ සිදුනොවන බවත් ඔවුනට අවබෝධ කර දෙමින් සිටින බවත්ය.

මේ වන විට ඔවුන්ගේ තත්වය යහපත්දැයි අසන ලද ප්‍රශ්ණයට වෛද්‍යවරයාගේ පිළිතුර වූයේ මේ වන විට ඔවුන්ගේ තත්වය ඉතා යහපත් බවත් රජය විසින් මෙවැනි බදවා ගැනිම් තව ටික කාලයක් යන තුරු නොකර සිටියානම් මෙම තරුණියන්ගේ සිත්තුල මෙවැනි ව්‍යාකූලතාවයක් ඇති නොවන්නට ඉඩ තිබූ බව තමා විශ්වාස කරන බවත්ය.

-සබැදි පුවත්-
 හමුදාවට බැඳුනු සමහර දෙමළ තරුණියන්ගේ දත් පූට්ටු  වෙයි


Gossip Lanka Hot News Previous News Archive