දුමින්ද ආවොත් නැවත කොලොන්නාව යුධ පිටියක් වෙනවා

දුමින්ද සිල්වා කවදා ආවත් නීතියේ හැටියට ඔහ ගුවන් තොටේදීම අත්අඩංගුවට ගත යුතු බවත් එසේ නොවුනහොත් කොලොන්නාවේ තවත් යුද්ධයකට එය ආරම්භය විය හැකි බවත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සඳහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත්පතා කොලොන්නාව ප්‍රදේශයේදී බෝධි පූජාවක් පැවැත්වූ අවස්ථාවේ නැවැතත් භාරත – දුමින්ද ගැටුම මතු වූ බවත් ඉන් පෙන්වන්නේ මහජනකාවට පසුගිය සිද්ධි අමතකව නැති බව යයිද ඇය කියයි.


වැරදිකරුවෙකු බවට සැකකරන පුද්ගලයෙකු වෙනුවෙන් සෙත් පතා බෝධි පූජාවක් කළ පළමු අවස්ථාව මෙය බවත් පවසන ඇය දුමින්ද සිල්වා අද ආවත්, හෙට ආවත් නීතියේ හැටියට ඔහුව ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගොනගත්තොත් එය කොලොන්නාවේ තවත් එක් යුද්ධයක ආරම්භයක් වනු ඇති බවද කියා සිටී.

Gossip Lanka Hot News Previous News Archive