ආබාධිත පුතු කෙලෙසූ සුනඛ වෙස් ගත් නරුම පියා රක්ෂිතයට

ඇවිද ගැනීමට නොහැකි හා කථා බහ කිරීමට ද අපහසු ආබාධිත තම 22 හැවිරිදි පුතුට අස්වාභාවික බරපතල ලිංගික අපචාරයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටී 76 හැවිරිදි පියෙකු ලබන 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ වැඩ බලන මහේස්ත්‍රාත් එම්.එස්.එම් මදාර් මහතා ඊයේ (16) නියෝග කළේය. රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ පෙරාරු 2 ජනපදයේ පදිංචි දරුවන් දහදෙනෙකුගේ පියෙකුවන නාහමන් වේලායුදන් නැමැත්තෙකි. එකම ඉඩමේ සැකකරු හා ඔහුගේ බිරිඳ පදිංචි ඇතත් බිරිඳ ආබාධිත පුතා සමඟ වෙනම ජීවත්වන අතර සැකකරු තවත් නිවසක තනිව ජීවත් වේ.
බිරිඳ නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු මෙම ක්‍රියාව සිදුකොට ඇති අතර සිද්ධියෙන් පසු නිවස අසලින් ගිය හඳුනන පුද්ගලයෙකුට තමාට වූ අකරතැබ්බය අතින් පයින් හා ඔහුට හැකි අන්දමින් පවසා ඇත. පසුව සිද්ධිය මවට දැන්වීමෙන් පසු මව (70) කන්තලේ පොලිසියට පැමිණිළි කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය. කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මොහොමඩ් මහතාගේ අධික්ෂණය යටතේ උපපොලිස් පරික්ෂක රත්නාය මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

Gossip Lanka Hot News Previous News Archive