ටී.56 ගිනි අවියක් තබාගෙන අරලංගවිල, සිරිපුර ප්‍රදේශයේ අපරාධ කරන බව කියන හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී සැකකරු පොලීසියට වෙඩි තැබූ බවත් අනතුරුව ඔහුද ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් පොලීසිය පවසයි.
සිරිපුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එසේ ප්‍රශ්න කිරීමට ගොස් ඇති අතර අද පස්වරු 1.20ට පමණ එකී සිද්ධිය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මහේස්ත්‍රාත් පරීක්ෂණය ද ආරම්භ කර ඇති බවත් එය අවසන් කර නැතැයි පවසන පොලීසිය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බවත් කියයි.
38හැවිරිදි එකී සැකකරු වෙඩි තැබූමුත් විමර්ශනයට ගිය නිලධාරීන්ට හානියක් සිදු නොවු බවද පොලීසිය පවසයි.