ධම්මදින්න හිමි කියන්නේ බොරු, හමුවූයේ දිවාගුවාව නෙමෙයි

ශ‍්‍රී පාදස්ථානයෙන් හමුවු ලෙන දිවාගුහාව හෙවත් භගවාලෙන ලෙස තහවුරු කිරීමට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මෙතෙක් හමුවී නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

කොළඹ ඊයේ පස්වරුවේ පැවැත්වු මාධ්‍ය හමුවක දී දිසානායක මහතා කියා සිටියේ, ශ‍්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ වෙනත් පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් පළකරන මතයන් සාවද්‍ය බවයි.

ශ‍්‍රී පාදස්ථානයෙන් සොයා ගෙන ඇති මෙම ලෙන මීට පෙර අවස්ථා කිහිපයක දීද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරික්‍ෂණය කර ඇති බව ආචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


මෙම මාධ්‍ය හමුවට සහභාගි වු පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද කියා සිටියේ, පුරාවිද්‍යාත්මක පර්යේෂණ තුලින් පමණක් මෙම ප‍්‍රශ්නය විසඳා ගත යුතු බවයි.

ශී‍්‍ර ලංකාවේ සොලොස්මස්ථාන අතුරින් මෙතෙක් නිශ්චිතවම සොයාගැනීමට නොහැකි වූ සමනළ අඩවියේ පිහිටි ‘දිවා ගුහාව’ හෙවත් ‘භගවාලෙන’ ශී‍්‍ර පාද උඩමළුවට අඩි 300ක් පමණ පහළින් මේ වනවිට සොයාගෙන ඇති බව, ශී‍්‍ර පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප‍්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පසුගිය දා පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසූයේ වාර්ෂික සිරිපාවන්දනා සමය ආරම්භ කිරීමට පූර්වගාමීව රත්නපුර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී පසුගිය 7 වෙනිදා පැවැති විශේෂ සාකච්ඡවකදීය.

ශ‍්‍රී පාද පද්මයට අඩි 300ක් පමණ පහලින් මහගිරිදඹ ප‍්‍රදේශයේ මෙය පිහිටා ඇතැයිද උන් වහන්සේ පැවසුහ.



-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive